ජපුර වි.වි. ගැ‍ටුමට හේතුව ජවිපෙ ‍රැස්වීම් වලට සෙනඟ අඩු වීමයි. Featured

Published in පුවත්
Friday, 13 September 2024 11:49

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ‍තුළ ඊයේ සවස එහි ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර දරුණු ගැටුමක් ඇති වීමට සැබෑ හේතුව අනාවරණය වී ඇත. මෙය කලා උළෙලක් පදනම් කරගෙන ජවිපෙ සහ පෙර‍ටුගාමි ශිෂ්‍ය සංවිධානවල පිරිස් අතර ගැටුමක් ලෙස මාධ්‍ය වල හුවා දැක්වූවද සත්‍ය‍ සිද්ධිය වෙනකක් වේ.

මෙහිදී සිදුව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාරගෙ මැතිවරන රැලි සඳහා සෙනඟ පෙන්වීම වෙනුවෙන් පිට ප්‍රදේශ වලින් සෙනඟ ඇදීමේ මෙහෙයුමේ කොටසක් ලෙස, පිටස්තර විශ්ව විද්‍යාල වල ජවිපෙ හිතවාදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල ප්‍රමාණයක් ජපුර විශ්ව විද්‍යාලයට කැඳවීම මතය. ඉදිරියේදී පැවැත්වෙන රැස්වීම ගනනාවක් ඉලක්ක කරගෙන මෙම පිරිස මෙලෙස රැස්කර ඇත.

ගැටුමට හේතු වී ඇත්තේ එම පිටස්තර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ජපුර විශ්ව විද්‍යාලයට අයත් නේවාසිකාගාර වල බලහත්කාරයෙන් නවාතැන් දීමට ජපුරේ ජවිපෙ ශිෂ්‍ය කණ්ඩායම් ගත් උත්සාහයට අනෙක් ශිෂ්‍යයන්ගේ විරෝධයක් එල්ල වීම මතය. මෙහි දී එම විරෝධයට පෙරටුගාමී පක්ෂයේ ශිෂ්‍ය ක්‍රියා කාරිකයන්ද එක්වී ඇත. බහින් බස් වීම ගැ‍ටුමක් දක්වා දුර දිග ගොස් ඇත්තේ ඒ අනුවය.

කෙසේ නමුත් මෙම ගැටුම හේතුවෙන් විශ්ව විද්‍යාලයේ සියළුම පීඨ වල අධ්‍යනය කටයුත නවතා දමා, ඊයේ සවස 6 වන විට නෝවාසිකාගාර වල සියළුම සිසුන් ඉවත් විය යුතු බව දැනුම් දී විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීට පාලනාධිකාරිය තීරණය කළේය.

ජවිපෙ දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ පරිශ්‍රය සහ දේපොළ යොදා ගැනීම නිසා දහස් ගනනක සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම සිදුව ඇත.

Last modified on Friday, 13 September 2024 11:50

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us