මැතිවරණ ප්‍රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Published in පුවත්
Friday, 13 September 2024 10:00
ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.
 

ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ ආකාරයට ප්‍රචාරක කටයුතුවල නියැලීම තහනම් කර තිබේ. 

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙන්නේ පොදු හෝ පෞද්ගලික වාහනවල අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයට අලවා තිබෙන ස්ටිකර් ආදිය ගළවා ඉවත් කිරීමේ බලය ශ්‍රී ලංකා පොලීසිය සතු බවයි. 

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සඳහා සති 6ක කාලයක් ලබාදුන් බවත් ඒ අනුව ජානාධිපතිවරණය පැවැත්වෙන එළඹෙන 21 දාට පෙර පැය 48ක් තුළ සියලු ප්‍රචාරක කටයුතු නතර කළ යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබේ. 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us