වීසා ප්‍රශ්නය නිසා, අප්‍රේල් මැද සිට සංචාරක කර්මාන්තයේ කඩා වැටීමක්  

Published in පුවත්
Monday, 09 September 2024 10:02

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත වීසා ක්‍රමයේ වෙනස්කම් වලින් පසුව, සංචාරක පැමිණීමේ අඩුවක් තිබියදීත්, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 2024 පළමු මාස ​​අට තුළ ඩොලර් බිලියන 2 කට අධික ආදායමක් උපයා ගැනීමට සමත් වී ඇත.

ජනවාරි සිට අගෝස්තු දක්වා සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 2.16 කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා කර ඇති අතර එය වසරින් වසර (YoY) සැලකිය යුතු 66.1% ක වැඩිවීමක් පෙන්නුම් කරන බව නවතම මහ බැංකු දත්ත නිවේදනය පෙන්වා දෙයි.

ඒ අනුව මෙම වසරේ පළමු මාස ​​අට සඳහා වූ සංචාරක ඉපැයීම්, 2023 වර්ෂයේ මුළු වසර සඳහාම උපයාගත් මුළු ආදායම හා සමපාත වී ඇත.

කෙසේ වෙතත්, ඉහළම ආදායම් වාර්තාව තබා ඇති 2018 ට සාපේක්ෂව මෙම ආදායම තවමත් 25% කින් අඩු අගයකි.

අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 282.1 ක ඉපැයීමක් වාර්තා කළ අතර, 2024 වසරේ මෙතෙක් ලියාපදිංචි වූ ඉහළම මාසික ආදායම පෙබරවාරි මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 345.7 ය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව, 2024 ජනවාරි සිට අගෝස්තු දක්වා දිනකට එක් සංචාරකයකුගේ සාමාන්‍ය වියදම ඩොලර් 181. 15 කි. සමස්ත සාමාන්‍ය සංචාරක නවාතැන් කාලය රාත්‍රීන් 8.64 ලෙස පවතී.

මාසයෙන් මාසයට සංසන්දනය කිරීමේදී, SLTDA එහි ප්‍රක්ෂේපිත පැමිණීමේ සංඛ්‍යාවලින් අඩු වූ අතර වසරේ මුල් මාස අට පුරාවටම මාසික ඉලක්ක මග හැරී ඇත.

වීසා ක්‍රමයේ වෙනස්කම් හා ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර (ETA) ක්‍රමය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම මත අප්‍රේල් මැද සිට ඉපැයීම් පහත වැටීම ගැන සංචාරක කර්මාන්ත කරුවන්ගේ නොසතුටට හේතු වී ඇත.
අගෝස්තු මාසයේදී පමණක් පැමිණීම් 45,000 ක් පමණ සහ ඇස්තමේන්තුගත ඩොලර් මිලියන 75-80 ක ඉපැයීම් අහිමි වූ බව කර්මාන්ත පාර්ශවකරුවන් පෙන්වා දුන්හ.

ගැටළු දිගටම පැවතුනහොත් සංචාරකයින් මිලියන 2 ක් වත් ආකර්ෂණය කර ගැනීමට අසීරු බව ඔවුන් අනතුරු ඇඟවයි.

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය 2024 වසර සඳහා මිලියන 2.3 ක පැමිණීම් සහ ඩොලර් බිලියන 2.4 ක ආදායමක් ලබා ගැනීමේ ඉලක්කයක් තබා ඇති අතර, එය සපුරාලීමට වඩ වඩාත් අභියෝගාත්මක බව පෙනේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us