ජවිපෙ ගාල්ලේ කැන්වසින් කරන්න කොළඹින් බස් 25ක සෙනඟ ඇදලා Featured

Published in පුවත්
Monday, 09 September 2024 09:39

ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට බව කියමින් කැස්බෑව ඩිපෝවෙන් බස් විසිපහක් වෙන් කරගෙන ගාල්ලේ ගෙයින් ගෙට ප්‍රචාරක කටයුතු කිරීම සඳහා පිරිස් ගෙන්වා ගෙන ඇති බවත්, ඔවුන්ට ගාල්ලේ ජනතාව නොමැති නිසා මේ ආකාරයට බස්වලින් පිරිස් ගෙන්වා ඇති බවත් මනුෂ නානායක්කාර මහතා පැවැසීය.

මේ ගැන මාධ්‍ය මඟින් වැඩිදුර සොයා බැලිය යුතු බව ද හෙතෙම ඊයේ (08) උදෑසන මාධ්‍යයට අදහස් දක්වමින් කීවේය.

ජනතා විමුක්ති පෙරමුණ සංගීත කණ්ඩායම්වලට, මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් නැවත වරක් 88-89 දී පැවැති තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ ගන්නා බව ද ඔහු කීය.

ඊයේ ගාල්ලේ අය කැන්වසින් කළා. දාහතරදාහක් වන ඡන්ද මධ්‍යස්ථානවල ජනාධිපතිතුමා වෙනුවෙන් කැන්වසින් කළා. අද උදේ මට ප්‍රවෘත්තියක් ලැබුණා. ඒකේ ඇත්ත නැත්ත මාධ්‍යයෙන් හොයලා බලන්න. කැස්බෑව ඩිපෝවෙන් බස් විසිපහක් ගාල්ලට එන්න වෙන් කරගෙන තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් කියලා තමයි මේ බස් වෙන් කරගෙන තියෙන්නේ. බැලුවම ගාල්ලේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් නෑ. එක බස් එකකට හැට දාහක් වෙන් කරලා තියෙනවා. සංවිධාන කරන කෙනාට තව විසිදාහක් වෙන් කරලා. ගාල්ලේ රැස්වීමක් නෑ. හැබැයි මම කහදූව හරියෙන් එනකොට පාරේ දෙපැත්තේ කැන්වසින් යනවා. දන්න අඳුනන මූනු එකක්වත් තිබුණේ නෑ. එක තැනක දෙකක විතරක් දන්න අය එක්කෙනෙක් හිටියා.

රට වටෙන්ම ගාල්ලට ගෙනත් ජනතා විමුක්ති පෙරමුණේ කැන්වසින් එක කරන්න හදනවා. ගාල්ලේ කවුරුවත් ජනතා විමුක්ති පෙරමුණේ කැන්වසින් යන්න මෝඩ නෑ. ඒ නිසා බස් විසිපහකින් සෙනඟ ගෙනත් කැන්වසින් යනවා. මේක තමයි රටේ හදන්න හදන ව්‍යාජ රැල්ල. කැස්බෑව ඩිපෝවෙන් බස් විසිපහක් වෙන් කරලා තියෙවාද, ඒ බස් ගියේ කොහේටද, ඒ පිළිබඳ සොයා බලන්න කියලා මාධ්‍යයෙන් ඉල්ලනවා. ජනප්‍රිය සංගීත කණ්ඩාමක් වෙන මේරියන්ස් සංගීත කණ්ඩායමේ රෝසලා සිංදුවක් වෙනස් කරලා කිව්වා. උපහාසයට සිංදුවක් කිව්වා. සංගීත කණ්ඩායමට තර්ජන ආවා. සංගීත කණ්ඩායමට තර්ජන ආවා. අපේ අතින් වරදක් වුනේ, අපි හිතලා කළේ නෑ කියලා කියන්න සංගීත කණ්ඩායමට සිදුවුණා.

දැන් ළඟදී දිවයින පත්තරේ එරික් ගාමිණී එන්.පී.පී. කතාව සහ ජේ.වී.පී. වැඩ කියලා පොතක් ලිව්වා. අද දිවයින පත්තරෙන් ඔහු එලවන තැනට වැඩ හදලා තියෙන්නේ. දුරකතන මාර්ග විසන්ධි කරන්න කටයුතු කරලා කියලා සමාජ මාධ්‍යයේ දැක්කා. ඇත්ත කියන්න මාධ්‍යවේදියෙක්ට අවස්ථාව දෙන්නේ නෑ. උතුරට ගිහින් අනික් අතට තර්ජනය කරනවා. දකුණේ ජනතාව මෙහෙම එකඟතාවක් ඇති කරගෙන තියෙනවා, උතුර ඒක නොකළොත් දකුණේ අය මොන වගේ තීන්දු ගනීවිද කියලා දන්නේ නෑ කියලා තර්ජනය කරනවා.

ජනතා විමුක්ති පෙරමුණේ රැළියකට ගියපු හමුදා නිලධාරියෙක් තර්ජනය කරන වීඩියෝ අපි දැක්කා. මේ තර්ජන කරලා නැවත වතාවක් 88-89 වගේ තත්ත්වයක් ඇති කර්නන හදන්නේ. නැවත වතාවක් රටේ භිෂණයක් ඇති කරන්න හදන්නේ. මේ පිළිබඳ රටේ ජනතාව කල්පනා කර්නන ඕන. මැතිවරණ කොමිසම අවධානය ලක් කරන්න ඕනෙ යැයිද වැඩිදුරටත් කීවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us