ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීමේ අරමුණින් මතුගම පැවති පුලුවන් ශ්‍රී ලංකා ජන රැළියට එක්වෙමින් ඒ මහතා මෙලෙස අදහස් පළ කලේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ, අපේ රටේ දශක ගණනාවක් තිස්සේ අපේ රටේ දරුවන් හිංසනයට පත්වෙනවා. අපයෝජනයට පත් වෙනවා. වීදි දරුවන් මත් ද්‍රව්‍ය උවදුරට ලක් වෙනවා. මහජන නියෝජතියන් විදිහට අපෙත් ජනතා නායකයෙක් වන ඔබතුමාගෙත් වගකීමක් වෙනවා මේ දරුවන් ආරාක්ෂා කර දෙන එක. අනෙකුත් දේශපාලන නායකයන් ගැන අපි හොදට අවබෝධයකින් ඉන්නවා. ඒ අයගේ පැටිකිරිය අපි දන්න නිසා තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග අපි එකතු උනේ. අපි ජනාධිපතිතුමාගෙන් බලාපොරොන්තු වෙන්නේ මේ රටට හොද වැඩපිළිවෙලක්. ඔබතුමා පිළිබද ලොකු විශ්වාසයක් අපි තුළ තියෙනවා. ඔබට මේ රට ගොඩනගන්න අවශ්‍යතාවය තියෙනවා කියලා අපි දන්නවා. ඒ නිසා අපි ඔබතුමාට ආශිර්වාදය ලබා දෙනවා මේ රට ගොඩනගන්න කියලා.