පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය අටවන වරටත් ක්‍රියාත්මක වෙයි

Published in පුවත්
Friday, 06 September 2024 09:43

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් හත්දහසකට ණය ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

මේ සඳහා මෙම මස 9 වැනිදා සිට 20 වැනිදා දක්වා අයැදුම්පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

උපරිම රුපියල් ලක්ෂ පහළොවක් දක්වා කාණ්ඩ පහක් යටතේ මෙවර ණය ලබා ගැනීමට හැකි වන අතර උසස් අධ්‍යාපන ආයතන දහඅටක උපාධි පාඨමාලා සඳහා සිසුන්ට අයැදුම් කළ හැකි වෙයි. රුපියල් ලක්ෂ පහළොවක් ලබා දෙන්නේ ඉංජිනේරු පාඨමාලා සඳහා ය. විද්‍යා පාඨාමාලා සඳහා රුපියල් ලක්ෂ දොළහක්ද තොරතුරු තාක්ෂණ පාඨාමාලා සඳහා රුපියල් ලක්ෂ දහයක්ද වශයෙන් ණය හිමිකම ලබා ගත හැකි ය. කළමනාකරණ පාඨමාලා සඳහා හිමිවන ණය මුදල රුපියල් ලක්ෂ දහයක් වන අතර සමාජ විද්‍යා පාඨාමාලා වෙනුවෙන් රුපියල් ලක්ෂ අටකි.

මෙම ණය මුදල ලබා ගැනීම සඳහා මෙවර ඇපකරුවන් දෙදෙනකු අනිවාර්ය කෙරේ. මව හෝ පියා පළමු ඇපකරුවා ලෙස අත්සන් කළ යුතු වන අතර දෙවැනි ඇපකරුවා ණය මුදල අනුමත කෙරෙන බැංකුවේ අවශ්‍යතාව අනුව ඉදිරිපත් කළ යුතු වෙයි. ඇපකරුවන්ගේ අවශ්‍යතාව මෙවර අනිවාර්ය කර ඇත්තේ මෙතෙක් ණය ලබාගෙන ඇති සිසුන් දෙසිය අනූ දෙදෙනෙක් ණය මුදල ගෙවීම පැහැර හැර තිබීමය.

මෙවර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ අටවැනි වරට වන අතර මෙවර අයැදුම් කළ හැකි වන්නේ පසුගිය 2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට පමණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us