කෘෂි කර්මාන්තය නව මඟකට යොමු කරනවා - ජනපති

Published in පුවත්
Thursday, 05 September 2024 11:22

මෙරට කෘෂි කර්මාන්තය නව මඟකට යොමු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එමඟින් විදේශ විනිමය ද රටට ගෙන ඒමට හැකිවනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

වැඩිදුරටත්ප අදහස්ව දැක්වූ ජනාධිපතිවරයා මෙලෙස ද පැවසීය.  

"අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කවුරුත් හිතුවේ නෑ ලංකාවේ මෙහෙම ඡන්දයක් තියන්න පුළුවන් වෙයි කියලා. ඡන්දයක් තියන්න හරි පක්ෂ නායකයින් හිටියේ නෑනේ හොයා ගන්න. දැන් 38 දෙනෙක් ඉන්නවා. පුළුවන් ශ්‍රී ලංකා... ඒ මොකද්ද ඒ...අපිට පුළුවන් ඉදිරියට එන්න. අපි තමා එකතු වෙලා රට ගොඩගත්තේ. අපි ඔක්කෝම නායකයෝ නැති වෙලාවේ. ඒ වගේම දැන් ඉදිරියට එන්න කියලා මම කියන්න කැමතියි. කෘෂිකර්මාන්තය මම අලුත් මාර්ගයක ගෙනියනවා. නවීකරණයක් ඇති කරලා, අපි කෘෂිකර්මය විප්ලවයක් කරලා, ලෝකයට ආහාර දෙන්න යනවා. විදේශ විනිමය හොයාගත්තාම අපි ගිහින් ණය ගන්න වැඩක් නෑ. අපිට ණය ගෙවන්න පුළුවන්. මොකද කියන්නේ සමගි ජන බලවේගයයි, අපේ මාලිමාවයි. පුළුවන් ශ්‍රී ලංකා කිව්වහම ඒ කොළ දෙක කියවන්න... මට තේරෙන්නේ නෑ ඒක. ඒ අය හිස්. අලුතින් හිතන්නේ නෑ. සැප්තැම්බර් 21 ගිහින් ගෑස් සිලින්ඩරය ඉදිරියෙන් කතිරේ ගහන්න. ඒක නොකෙරුවොත් ගෑසුත් නෑ, වයඹ ඇළත් නෑ."

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us