සජිත්ට හා අනුරට ජනපතිගෙන් විවෘත අභියෝගයක් Featured

Published in පුවත්
Sunday, 25 August 2024 21:26

තවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා වෙත අභියෝග කරන බවත්, එවිට ඔවුන් අද වේදිකාවල පවසන දේ සත්‍ය අසත්‍යතාව සමස්ත රටේම ජනතාවට දැකබලා ගැනීමට හැකිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම වෙනස් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එසේ වුවහොත් රටේ ආර්ථිකය නැවත කඩා වැටෙන බවත් බඩු මිල අඩු කරන බවට සහ බදු අඩුකරන බවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශයන් මඟින් ජනතාව රවටමින් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක රටට කිරීමට යන විනාශය වහා නතර කළ යුතු බවත් අවධාරණය කළේය.
බඩු මිල අඩු කිරීමට සහ බදු අඩු කිරීමට තමාද කැමති නමුත් ඒ සඳහා හැකියාව ඇත්තේ රුපියල ශක්තිමත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවලට අනුව කටයුතු කිරීමෙන් පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ හැර වෙනත් විකල්පයක් තිබේනම් එය වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී ඉදිරිපත් කර මතය විමසන ලෙසද සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට පැවසීය.
එක්සත් ජාතික පක්ෂය බිහි කළ ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රතිපත්තිය වුයේ ශ්‍රී ලාංකිය අනන්‍යතාව ආරක්ෂා කිරීම බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන මෙන්ම රණසිංහ ප්‍රේමදාස මහතා සමඟ කටයුතු කර තමා ලද ආභාෂය වන්නේ ද සියල්ල ට පෙර රට රැක ගැනීම බව පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us