කිසිදු අපේක්ෂකයෙකු 50% ගත්තේ නැති නම් වෙන්න යන දේ මෙන්න Featured

Published in පුවත්
Wednesday, 21 August 2024 09:29

මෙවර ජනාධිපතිවරණ ප්‍රථිපලය කුමක් වුවද එය පිළිගැනීම සඳහා ජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බව කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට 50%ක මැතිවරණ ප්‍රථිඵලයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවට පළවන මතවාදයන් හේතුවෙන් එම විශ්වාසනීයත්ව ඇති කළ යුතු බව ඔහු සඳහන් කළේය.

කොළඹ පැවැති උත්සවයකට එක් වෙමින් ධම්ම දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

"ඒ සම්බන්ධයෙන් ජනතාව සුදානම් කිරීමේ වගකීම කොමිසමටත් තියෙනවා. දේශපාලන පක්ෂ හා කල්ලි කණ්ඩායම්වලටත් තියෙනවා. ඒකට හේතුව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා බරපතළ විදියට එන්න පුළුවන්. මොකද හේතුව සාමාන්‍ය මිනිස්සුන්ට හිතෙනවා අපේ කෙනා තමා පළවෙනියා ආවේ. හැබැයි දෙවැනි මනාපය ගණන් කරනකොට ඡන්දේ එන එක හරි. මේකේ කිසිම ගැටලුවක් නෑ. නමුත් සිවිල් සමාජය විදියට ලොකු වගකීමක් තියෙනවා මේ එන ප්‍රතිඵලය භාරගැනීම සඳහා සුදානම් කිරීමට."

කිසිදු අපේක්ෂකයෙකු 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගන්නා වාතාවරණයක් තුළ පළමු ගණන් කිරීමේදී දෙවන ස්ථානයට පත්වූ අපේක්ෂකයෙක් මනාප ගණන් කිරීමේන් පසු පළමු ස්ථානයට පත්වුවහොත් ඇති වන වාතාවරණය පිළිබඳ ධම්ම දිසානායක මහතා එහිදී විමසා සිටියේය.

ඊට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසෙල ප්‍රතිචාර දැක්වීය.

"ඕක දැන් බොහෝ වෙලාවට අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. එහෙම වුණොත් මොකද වෙන්නේ කියන එක. එකම දේ තියෙන නීතිමය රාමුව තුළ මේක හරි. මොකද හේතුව මනාපය කියන එක ඡන්දයක් වෙනවා නේ. ඒ නිසා මේ ක්‍රමවේදය තුළ ඉලන්න අපේක්ෂකයෝ සියලුදෙනාත් ඡන්දය පාවිච්චි කරන සියලුමදෙනාත් මේ රටේ තියෙන නීතියත් එක්ක යන්න වෙන්නේ. මේක වෙන කොහෙන්වත් ආපු එකක් නෙමෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දාලා පනතින් සම්මත කරලා, සියලු අපේක්ෂකයින් වගේම ඡන්ද දායකයෙනුත් මේක දැනගෙන ඉන්නේ. මේ ගැන දැනුවත් කිරීම හොඳයි. අපිට කියන්න පුළුවන් ව්‍යවස්ථාවේ තියෙන ආකාරය විතරයි."

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us