කොළඹ, ගාල්ල, මහනුවර සහ ත්‍රිකුණාමලය ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන කිරීමට තීරණ - ජනපති

Published in පුවත්
Wednesday, 21 August 2024 09:00

කොළඹ, ගාල්ල, මහනුවර වගේම ත්‍රිකුණාමලය යන නගර ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන ලෙස ගොඩනැඟීමට රජය බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පැවසුවේ, මහනුවර පුරවරය සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවය.

"මම විශේෂයෙන් ජපානයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා අපේ මධ්‍යම අධිවේගී මාර්ගය ගලගෙදරින් නවත්වන්නේ නැතුව, කටුගස්තොට වෙනකල් ගෙනියන්න. විශාල නාගරික ප්‍රදේශයක් හැටියට ඇතුළු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මහනුවර විශාල මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකරන්න දැන් සැලසුම් හදලා තියෙන්නේ. 4ක් හදලා තියෙනවා කොළඹ, ගාල්ල, මහනුවර සහ ත්‍රිකුණාමලය. මේ හතර තමා ලංකාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන විදියට දියුණු කරන්න තියෙන්නේ. මෝදි එක්ක මම සාකච්ඡා කළා. එතුමා ප්‍රකාශ කළා චෙන්නායි IIT ආයතනය මණ්ඩපයක් ලංකාවේ ආරම්භ කරන්න කියලා. මම ඒ සඳහා මහනුවර නම් කරලා, දැන් යෝජනා කරන්නේ ගලහා ආරම්භ කරන්න. ජාත්‍යන්තර දේශගුණ පරිවර්තන විශ්වවිද්‍යාලය කොත්මලේ ඇති කරන්න, සංස්කෘතික අංශයෙන් පමණක් නෙමෙයි අධ්‍යාපන අංශයෙනුත් මහනුවර දියුණු කරන්න. මේ සැලසුම් තියෙන්නේ ඊළඟ වසර 10 තුළ මහනුවර ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත්කරන්න."

බෝගම්බර බන්ධනාගාරයේ ඓතිහාසික වටිනාකම ආරක්ෂා කර ගනිමින් හිල්ටන් සමාගම සමග එක්ව හෝටලයක් බවට පත්කිරීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

"පරණ තැපැල් කාර්යාලය සමගම ටාජ් හෝටලය ඇති කරන්න අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම බෝගම්බර ප්‍රදේශයේ තවත් ඉඩම් කිහිපයක් තියෙනවා අපිට ඒ සඳහා සංචාරක හෝටල් විදියට යොදවන්නත් මහනුවර දකුණ ඩිපෝව ඒ සඳහා යොදා ගන්න පුළුවන්. අපිට දැනට මහනුවර වෙළෙඳ පොළ අලුතින් සකස් කරන්නත්, නැසී ගිය කෙරිහිල් ගෘහනිර්මාණ ශිල්පියාගේ සමාගමෙන් බෝගම්බර ප්‍රදේශයත් මාළිගාවත් එකතු කරන්නත් සැලසුමක් තියෙනවා..."

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us