ජවිපයේ මතවාද නිසා රටට සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළගාකර ගැනීමට නොහැකි වුණා

Published in පුවත්
Tuesday, 20 August 2024 13:05

ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ ගෙන ගිය මතවාද නිසා රටට සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ළගාකර ගැනීමට නොහැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා Ask Ranil වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙහි දි ජනාධිපතිවරයා පවසා සිටියේ කිසිවෙකුට විසඳිය නොහැකි යැයි පැවසූ ආර්ථික අර්බුදය විසඳීමට තමන් සමත් වුවත් නිසි ආර්ථික පරිවර්තනයක් සිදු නොකර මෙම වැඩපිළිවෙළ අතරමග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බවයි.

එමෙන්ම රට හමුවේ ඇති ආර්ථික අර්බුදය විසඳීමටනම් පක්ෂ බේදයෙන් තොරව අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළකට යා යුතු බවද ජනාධිපතිවරයා පැවැසීය.

රටේ ආර්ථිකය නව පරිවර්තනයකට ලක් කළ යුතු බවත්, අපනයන ආර්ථිකයක් කරා නොගියහොත් රට යළි කඩා වැටෙන බැවින් ඉදිරි වසර විස්ස ගැන සිතා තීරණයක් ගන්නා ලෙස තරුණයින්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us