පසුගිය වසරේ රාජ්‍ය පොහොර සමාගම රුපියල් මිලියන 433ක ලාභයක් උපයයි

Published in පුවත්
Tuesday, 20 August 2024 11:29
රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක පසුගිය වසර තුළ වාර්තාගත ලාභයක් උපයා ඇතැයි එම පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා පවසා තිබේ
 
 

මෙතෙක් පොහොර සමාගම් දෙකක් වශයෙන් වශයෙන් පැවැති එම සමාගම් දෙක 2024 වසරේ සිට රාජ්‍ය පොහොර සමාගම State Fertilizer Company නමින් ඒකාබද්ධ කරනු ලැබීීය.

රාජ්‍ය පොහොර සමාගමේ ඉදිරි කටයුතු හා මෙවර යල කන්නයේ මෙන්ම ඉදිරි මහ කන්නයේ දී පොහොර සැපයීම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගියදා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීීය.

එහිදී අදහස් පළ කළ රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා ඒකාබද්ධ කරන ලද මෙම පොහොර සමාගම් දෙක මගින් පසුගිය වසරේ දී රුපියල් මිලියන 433ක ලාභයක් උපයා ඇතැයි සඳහන් කර සිටියේය.

ඒ අනුව ලංකා පොහොර සමාගම රුපියල් මිලියන 141ක් හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම රුපියල් මිලියන 292ක වශයෙන් ලාභ උපයා තිබේ.

එමෙන්ම මෙම සමාගම් දෙක ඒකාබද්ධ කිරීමේ දී එහි සේවකයින් 272ක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්වනු ලැබූ අතර එම සේවකයින් සදහා වන්දි මුදලක් වශයෙන් මෙතෙක් අපේ රටේ ඉතිහාසයේ ලබා දුන් විශාලම වන්දි මුදල ලබා දෙනු ලැබීය.

ඒ සඳහා රාජ්‍ය පොහොර සමාගමේ මුදල්වලින් රුපියල් මිලියන 840ක් වැය කෙරිණි

දැනට රාජ්‍ය පොහොර සමාගමේ මුල්‍ය තත්ත්වය ඉතාමත් හොඳ මට්ටමක ඇති බවත් ඒ අනුව මේ වනවිට මෙම සමාගමේ මුල්‍ය තත්ත්වය රුපියල් බිලියන 4.5ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කලේය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා රට තුළ ආර්ථික අර්බුදකාරි තත්ත්වයක් පැවතියද රජයට අයත් පොහොර සමාගම මගින් ඉහළ ලාභයක් උපයා තිබීම අගය කරන බව ද සඳහන් කර සිටියේය.

විශේෂයෙන් රාජ්‍ය පොහොර සමාගම මෙසේ විශාල මුල්‍යමය ලාභයක් ලබා ඇත්තේ වී මෙන්ම තේ, පොල්, රබර් සහ කුරුඳු වගාවන්ට පොහොර සහනාධාරයක් ලබා දෙමින් බව ද අවධාරණය කළේය.

රාජ්‍ය ආයතනවලට ලාභ ඉපැයිය නොහැකි යැයි පවතින මතය රාජ්‍ය පොහොර සමාගමේ ඉහළ කළමණාකාරිත්වය හා සියලු කාර්ය මණ්ඩල විසින් නිශ්ප්‍රභා කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us