අත්හදා බලන්න අලුත් කෙනෙක් එපා

Published in පුවත්
Tuesday, 20 August 2024 10:06

අද සියලු දෙනාටම ජන්දය ඉල්ලන්න හැකි තත්ත්වයට රටක් ගොඩනැගුණේ රනිල් වික්‍රමසිංහ මහතා පූර්ණව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම නිසා බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  පවසා තිබේ

මේ වන විට වැල් පාලමේ තුනෙන් දෙකක් ගොස් අවසන් අතර ඉතුරු තුනෙන් එකද රනිල් වික්‍රමසිංහ මහතා සමඟ යනවා මිස අත්හදා බලන්න අලුතෙන් කෙනෙක් අවශ්‍ය නැති බවයි ඇය සඳහන් කරන්නේ.

”මෙතන ඉන්න බහුතරයක් රනිල් මහත්තයා දිනවන්න වැඩ කරපු අය නෙවෙයි. හැබැයි අද අපි UNP එකයි ශ්‍රී ලංකා එකයි අපියි ඔක්කොම එක්කහුවෙලා රනිල් මහත්තයා දිනවනවා මිත්‍රවරුනි.ඇයි අපිට එහෙම දෙයක් කරන්න සිද්ධ වුණේ. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මහමඟ මරල දැම්මා. ඒ වෙලාවේ අපේ රාජ්‍ය නායකයා රටින් ගිහිල්ලා. විපක්ෂ නායකතුමා, එතුමා හැංගිලා. මහ අස්ථාවර රටක්. පාර්ලිමේන්තුව අල්ලගන්න එන්න කියනවා. රාජ්‍යක් නෑ. රූපවාහිනිය අල්ලගන්නවා. මහ කණගාටුදායක තත්ත්වයකට අපේ රට පත්වුණා. කිලෝ මීටර ගණන් ගෑස් පෝලිම්.කිලෝ මීටර ගණන් තෙල් පෝලිම්. මේ වගේ තත්ත්වයකදී මං මේ රට භාරගන්නන් කියල රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වුණා. දැන් අපිට ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා තොරණ ජන්දෙදි දෙන්නෙක් ඉදිරිපත් වුණා. එක්කෙනක් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා අනිත් කෙනා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අපේ පක්ෂය අපිට මොකද කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයට දාන්න කිව්වා. අකිල මල්ලිලා,ජානක ඇමැතිතුමන්ලා,අපි ඉස්සෙල්ලම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජන්දය දුන්නේ එතුමාට ස්වාධීනව පාර්ලිමේන්තුව ඇතුලේ. එතුමා ත්‍රස්තවාදය මැඩපවත්වල,ප්‍රජාතන්ත්‍රවාදය පූර්ණව ස්ථාපිත කිරීම නිසා තමයි අද ඔය බෝපගේලා ඉඳල සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඉඳල,අනුර දිසානායක මහත්තයාගේ ඉඳල හැමෝටම අද ජන්දේ ඉල්ලන්න පුළුවන් වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම නිසා. IMF එක තරහ කරගන්න පුළුවන්. IMF එක කියනවා ඔවුන්ට පිටුපෑවොත් නැවත කිසිම දවසක ලංකාවට උදව් කරන්නේ නැහැ කියල. ඒ නිසා තමයි අනුර කුමාරත් කියන්නේ මට යන්න වෙන්නෙත් ඔය වැල් පාලමේම තමයි කියල. ඉතින් දෙයියනේ මේ වැල් පාලමෙන් තුනෙන් දෙකක් රනිල් වික්‍රමසිංහ මහත්තයා හරියට ගියා නම් ඉතුරු තුනෙන් එක ගෙනියන්න අත්හදා බලන්න අලුත් මිනිහෙක් ඕනෙද? ඒ නිසා අපේ පක්ෂය එදා ගත්ත තීන්දුවේ ඉතුරු කොටස,ඉතුරු තුනෙන් එක කරන්න තමයි අපි මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයට සහය දෙන්නේ.” 

යනුවෙන් වන්නිආරච්චි මහත්මිය තවදුරටත් පවසයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us