අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට ජනපති එක්වෙයි

Published in පුවත්
Tuesday, 20 August 2024 09:04

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (19) රාත්‍රි වීදී සංචාරය කෙරුණි.

ඊයේ රාත්‍රී 6.57ට යෙදුණු සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව ගමන් ආරම්භ කෙරෙනු අවසන් රන්දෝලි පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කරවීම සිදුකරනු ලැබුවේ ශ්‍රී දළදා මාළිගාවේ ඉන්දිරාජා හස්තියාය.

දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දෙ වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ ගමන් කළ පෙරහැර රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවැදීම සිදුවුණි.

අවසන් රන්දෝලි පෙරහැරෙන් අනතුරුව අද (20) උදෑසන මහනුවර ගැටඹ තොටේ දී දිය කැපීමේ චාරිත්‍රය සිදුකිරීමට නියමිත බවයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහද මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට එක්ව තිබේ.

පෙරහර නැරඹීම සඳහා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගර රත්නායක මහතා, අමාත්‍ය බන්දුල ගුණවර්ධන,රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසක් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us