රනිල්ගේ මංගල රැළිය අද අනුරාධපුරයේ දී

Published in පුවත්
Saturday, 17 August 2024 16:00

මෙවර ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන පළමු ජන රැලිය අද (17) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ජනාධිපතිවරයා දිවයින පුරා ජන රැලි සියයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ රැසකින් සහාය දක්වන මැතිඇමතිවරුන් රැසක් එක්වීමට නියමිත බවද වාර්තා වෙයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරය වෙත පැමිණ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබාගෙන තිබේ.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිටදී අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශීර්වාද කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us