පාතාලයට රට විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ ජනපතිගෙන් පොරොන්දුවක්

Published in පුවත්
Wednesday, 14 August 2024 09:37

පාතාලයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රට විනාශ කිරීමට ඉඩදිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවෙමින් ජනාධිපතිවරයා ඊයේ (13 වැනිදා)  මේ බව පැවැසීය.

එහි දී ජනාධිපතිවරයා පවසා සිටියේ නව තාක්ෂණය භාවිතයෙන් සිදුවන මෙරට පාතාල ක්‍රියා මැඩලීම වෙනුවෙන් නව නීති හඳුන්වාදෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවැසීය.

"සාමාන්‍ය අපරාධ සහ විශේෂ අපරාධ අතර අද වෙනසක් නැතිව ගොස් තිබෙනවා. එදා අපරාධකරුවන් ලෙස හැඳින්වූයේ එකට එක් වූ කණ්ඩායමක්. නමුත් අද එය ඔවුන් අතර යුද්ධයක් බවට පත්ව තිබෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම ද අද කණ්ඩායම් අතර යුද්ධයක් බවට පත්ව තිබෙනවා. එම නිසා මෙම නීති විරෝධි ක්‍රියාවන්ට එරෙහිව ගෙන යා යුතු වැඩපිළිවෙළ අප අලුතින් සිතා සකස් කළ යුතුයි.

පාතාලයේ ඕනෑම අයෙකුට අද තිබෙන නව තාක්ෂණය භාවිත කළ හැකියි. එම නිසා ඒවා පාලනය කිරීම සඳහා වෙනම නීති ගෙන ඒමට සිදු වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය පාලනය සඳහා ද එක් ආයතනයක් යටතේ නව නීති ගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා. පොලිස්, හමුදා සහ සිවිල් සියලු ආයතන එකට එක් කරගනිමින් මත්ද්‍රව්‍ය විරෝධි විධාන පනත යටතේ නව ආයතනයක් ස්ථාපිත කර ඊට බලතල පැවැරීමට මා බලාපොරොත්තු වෙනවා. අවශ්‍ය නම් මෙම කණ්ඩායම දීර්ඝ වශයෙන් මෙම කටයුතුවල යෙදවිය හැකියි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සමාජය විනාශ කිරීමට ඉඩ දෙන්න බැහැ.

රටේ ජනතාවට නීතිය හා සාමය යටතේ ජීවත්වීමට ඉඩදීම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් බව කිවයුතුයි. එයත් නිතියට ඇතුළත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරි මාසය තුළ ඔබට තවත් විශාල වැඩකොටසක් පැවැරී තිබෙනවා. මෙරට ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ යුතුකම වන්නේ රට තුළ නීතිය හා සාමය තහවුරු කර නීත්‍යානුකූල ආකාරයට මෙම මැතිවරණය පැවැත්විමට අවස්ථාව සලසා දීමයි." 

Last modified on Wednesday, 14 August 2024 09:40

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us