වතු කම්කරු වැටුප රුපියල් 1,700 කින් වැඩි කිරීමේ ගැසට්ටුව නිකුත් කරයි

Published in පුවත්
Wednesday, 14 August 2024 09:09

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1,700 දක්වා ඉහළ නැවීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පඩි පාලක සභාවේ සභාපති එච්. කේ. කේ. ඒ. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.

තේ වතු කම්කරුවකුගේ දෛනික වැටුප 1,350 ලෙස එහි සඳහන් වන අතර එම වැටුප සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් ගෙවීම්වලට යටත්ව සිදුකළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ඊට අමතරව ඵලදායිතාව මත පදනම් වූ දිරි දීමානාවක් ලෙස රුපියල් 350ක මුදලක්ද ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන්ය.

එමෙන්ම රබර් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ද 1,700 දක්වා ඉහළ නැංවිය යුතු බවටද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මෙම යෝජනා සම්බන්ධයෙන් වන විරෝධතා, එසේ විරුද්ධ වීමට හේතුවන කරුණු පිළිබඳ ප්‍රකාශයක්ද සමඟ එළැඹෙන 28 වනදා මධ්‍යාහ්න 12ට පෙර තමා වෙත යොමු කරන ලෙස පඩි පාලක සභාවේ සභාපතිවරයා අදාළ ගැසට් නිවේදනයේ තවදුරටත් සඳහන් කර තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us