වරාය නගරයේ පාසල හා විශ්වවිද්‍යාලය සඳහා ගේට්වේ ට ඉඩම් බදුදෙයි

Published in පුවත්
Tuesday, 13 August 2024 15:01

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 6(1)(ඇ) වගන්තිය මඟින් කොළඹ වරාය නගරය බල ප්‍රදේශය තුළ පිහිටි සහ කොමිෂන් සභාවට පවරා ඇති රජයේ අලෙවි කළ හැකි ඉඩම් බදු දීමට කොමිෂන් සභාව වෙත බලය ලබා දී ඇත.

ඒ අනුව, කොළඹ වරාය නගරයේ පාසල, විශ්වවිද්‍යාලය සහ රෝහල යන ව්‍යාපෘති සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයින් තෝරා ගැනීම පිණිස කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විසින් යෝජනා කැඳවා ඇත.

ආසන්න වශයෙන් රෝහල සඳහා ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක් ද, පාසල සඳහා ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 25ක් ද සහ විශ්වවිද්‍යාලය සඳහා ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 25ක් ද ආයෝජනය කිරීම සඳහා වන යෝජනාවක් ආසිරි වරාය නගරය රෝහල (පෞද්ගලික) සමාගම සහ ගේට්වේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල (පෞද්ගලික) සමාගම විසින් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ 6(1)(ඇ) වගන්තියෙහි විධිවිධාන පරිදි රෝහල, පාසල සහ විශ්වවිද්‍යාලය සඳහා ඉඩම් කොටස් බදු දීම සඳහා වන ගිවිසුම්වලට එළඹීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

- ada derana 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us