ජනාධිපතිතුමා සුරංගනා කතා කියන්නෑ. යතාර්ථය ජනතාවට කියා දෙනවා - නිමල් සිරිපාල

Published in පුවත්
Monday, 12 August 2024 13:07

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බොරු පොරොන්දු, සුරංගනා කතා පසෙක තබා යථාර්තය පහදා දෙන විට එය බොහෝ දෙනෙකුට අමිහිරි වූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  පවසයි.

නමුත් රනිල් වික්‍රමසිංහ නොහිටින්න එදා අරගලය සමයේ පාර්ලිමේන්තුවද ගිනිබත් වන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ 

 ”ජනාධිපතිතුමා නිර්පාක්ෂික අපේක්ෂකයෙක්. එතුමාට පක්ෂයක් නැහැ. තමන්ගේ පක්ෂයට වඩා ඉදිරියෙන් රට ඉදිරියෙන් තියල බොරු පොරොන්දු දෙන්නේ නැතුව සුරංගනා කතා කියන්නේ නැතුව යතාර්ථය ජනතාවට කියල දෙනවා. ඒක හුඟක් අයට අමිහිරි වුණා. ඇත්ත කියනකොට ඒක පිළිගන්න හුඟක් අය කැමති නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා එකක් ඇරෙන්න අනිත් ඔක්කොම දෙනවා. මොනවද නොදෙන්නේ? ගොවියන් ළඟට ගියාම අවශ්‍ය උපකරණත් දෙනවා,පොහොරත් දෙනවා,ආධාරත් දෙනවා,හාලත් දෙනවා ඉඩම. කම්කරුවා ළඟට ගියාමත් එහෙමයි. ඉස්කෝලෙකට ගියාම සෑම පාසලක්ම රාජකීය විද්‍යාලයක් බවට පත්කරනවා කියනවා. මේක කරන්න පුළුවන් වැඩක්ද?මැතිවරණ කාලෙදිත් බොරු කීමේ සීමාවක් තියෙනවා. මේ සීමාව අභිබවා ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්තයා හිතන්නේ මේ රටේ ජනතාව අමුම අමු ගොන්නු කියල. එදා මේ රට අරාජිකත්වයට පත්වුණු අවස්ථාවේදී ඔබ දන්නවා කොවිඩ් අර්බුදය ආවා. කොවිඩ් අර්බුදයෙන් පස්සේ ආර්ථික අවපාතය ආවා. ඒත් එක්කම් අරගලයක් කියල එකක් ආවා. ලාල් කාන්ත කියන විදිහට අරගලයේ මුවාවෙන් ජනතා විමුක්ති පෙරමුණ හා මේ රටේ ත්‍රස්තවාදීන් පාර්ලිමේන්තුවට ගිනිතියන්න එනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි නීතිය ක්‍රියාත්මක කරලා පාර්ලිමේන්තුව බේරා ගත්තේ. නැත්නම් අද තවත් බංග්ලාදේශයක් බවට ශ්‍රී ලංකාව පත්වෙනවා.” යනුවෙනි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us