වාණිජ මට්ටමින් ෆුට්සාල් ගෘහස්ථ ක්‍රීඩාංගණ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

Published in පුවත්
Wednesday, 07 August 2024 12:17

වාණිජ මට්ටමින් ෆුට්සාල් ගෘහස්ථ ක්‍රීඩාංගණ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ෆුට්සාල් යනු කෘතිම පිටියක ක්‍රීඩා කෙරෙන පාපන්දු ආශ්‍රිත ක්‍රීඩාවක් වන අතර, මෙම ක්‍රීඩාව සඳහා මීටර් 40x20 සහ උස මීටර් 4 වන ගෘහස්ථ ක්‍රීඩාංගණයක් යොදා ගැනේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ෆුට්සාල් ගෘහස්ථ ක්‍රීඩාංගණ කිහිපයක් ඉදිකර ඇත.

එම ක්‍රීඩාව සඳහා ඉහළ ආකර්ෂණයක් පවතින බැවින්, රාජ්‍ය පුද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ පුද්ගලික ආයෝජකයෙකුට භූමිය බදු පදනම මත ලබා දී රජය සතු ක්‍රීඩාංගණ පරිශ්‍ර හා ඉඩම් භාවිත කර ෆුට්සාල් ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරනු ලබයි.

ඒ අනුව, හඳුනාගනු ලබන රජයේ ඉඩම් හා ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයන් තුළ, උපරිම වසර 30 ක බදු කාල සීමාවක් සඳහා ෆුට්සාල් ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීම පිණිස, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් පුද්ගලික ආයෝජකයකු තෝරා ගැනීමටත්, එකී ආයෝජකයා මඟින් පාකිස්ථානු රජයේ ප්‍රදානයක් ලෙස ලබා දෙන ලද කෘතිම ෆුට්සාල් පථ 2 ටොරින්ටන් සහ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයන්හි ඉදිකිරීමටත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us