මෙවර යල කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 02ක්

Published in පුවත්
Wednesday, 07 August 2024 10:36
 

2024 යල කන්නයේ වී අස්වැන්න පිළිබඳව පුරෝකථන වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දි ඇත.

ඒ අනුව කාෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙවර යල කන්නයේ වී අස්වැන්න පිළිබඳ පුරෝකථන වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

2024 යල කන්නයේ දී වී වගා කිරීමට ඉලක්ක කළ කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර 540,000ක් වන අතර එයින් හෙක්ටයාර 480,000ක වගා කටයුතු සිදු කර තිබෙ.

එය වගා ඉලක්කයෙන් 88%ක ප්‍රගතියක්.

මෙවර යල කන්නයේ වගාකරන ලද මුළු කුඹුරු වපසරියෙන් 77% ක් නාඩු වී වගා වපසරිය ලෙස ද. 11%ක් සම්බා වී වගා වපසරිය ලෙස ද, 12%ක් කීරි සම්බා වී වගා වපසරිය ලෙස  වාර්තා වි ඇත.

මෙම වගා බිම් ප්‍රමාණය අනුව 2024 යල කන්නයේ දී මෙ.ටොන් මිලියන 02 ක වී අස්වැන්නක් ලැබෙනු ඇති බවත්  මෙම අස්වනු ප්‍රමාණය මින් පෙර යල කන්නවලට වඩා ඉහළ මට්ටමක පවතින බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට පසුගිය මහ කන්නයේ වී අස්වනු ද රට තුළ තිබෙන බැවින් මෙම වර්ෂයේ දී මෙරට පාරිභෝජනයට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය රට තුළින්ම නිෂ්පාදනය කර ගැනීමට හැකි වන බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

2023 වර්ෂයේ යල හා මහ කන්නයෙන් ලද සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 4.5ක් වන අතර  සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 2.4 කි.

එමගින් සහල් මෙට්‍රික් ටොන් මිලියන 03ක් ලබා ගැනීමට හැකි විය. එමෙන්ම අවශ්‍යතාවයට වඩා අතිරික්ත සහල් නිෂ්පාදනයක් මේ වනවිට රට තුළ පවතියි.

වී වගා කරන ලද ප්‍රදේශ අතුරින් මේ වන විට නැගෙනහිර හා උතුරු මැද පළාත් වල අස්වනු නෙලීම සිදුකෙරෙමින් පවතින අතර එම ප්‍රදේශ වලින් දැනට ලැබි ඇති දළ තොරතුරු අනුව වි වගාවේ අස්වැන්න මීට පෙර කන්නවලට සාපේක්ෂව ඉහල මට්ටමක පවතින බව වාර්තා වී තිබේ.

අනුරාධපුරය ,මහවැලි බල ප්‍රදේශ, හම්බන්තොට ඇතුලු ප්‍රදේශවල දැනට සිදුකර ඇති අස්වනු සමික්ෂණ අනුව දළ වශයෙන් හෙක්ටයාරයකට මෙ.ටොන් 4.64ක ට ආසන්න වැඩි අස්වැන්නක් ලැබී ඇත.

තවද පසුගිය කන්න කිහිපය තුළ වගා කළ කීරි සම්බා වී වගා වපසරිය ඉතා අඩු මට්ටමක පැවැතියත් මෙවර යල කන්නයේ දී හෙක්ටයාර් 61,000ක කීරි සම්බා වගා කර තිබෙ.

එමනිසා වෙළෙදපලට හිඟයකින් තොරව කීරි සම්බා සැපයීමේ හැකියාව ද ලැබී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දුන් වාර්තාව මගින් පැහැදිළි කර තිබෙ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us