පොහොට්ටුවෙන් නාමල් එයි

Published in පුවත්
Wednesday, 07 August 2024 09:10

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් වන බව එම පක්ෂය විසින් මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය .

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දැන් පැවැත්වෙන විශේෂ උත්සවයේදී ‌ඔහුව ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන බව එම එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනය කළේය.

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස ද කටයුතු කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂ පසුගිය පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ක්‍රීඩා යෞවන කටයුතු අමාත්‍ය ධූරය ඇතුළු අමාත්‍ය ධූර කීපයක කටයුතු කළේය.

තිස්අටවැනි වියේ පසුවන නාමල් රාජපක්ෂ මහතා 2010 මහ මැතිවරණයේදී පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්විය.

Last modified on Wednesday, 07 August 2024 09:13

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us