එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පවසා සිටියේ එළැඹෙන 15 වනදා නාමයෝජනා භාරදීමට සුදානමින් සිටින බවය.
රට ගොඩනගන ප්රතිපත්ති ගරුක වැඩපිළිවෙලක් සහිත දේශපාලනයක් ජයග්රහණය කරවීම තම පක්ෂයේ අරමුණ බව ද ඒ මහතා පැවසීය.
රටේ බහුතරයක් ජනතාව මැතිවරණ දිනය පැමිණෙන තුරු පුල පුලා බලාසිටින බවත් පැවසු ඒ මහතා, පැහැදිලි දේශපාලන නායකත්වයක් රටේ නායකත්වයට පත්කිරීමට ඔවුන් කටයුතු කරන බවත්, රටේ ජනතාව මේ වනවිට "අනුරට රට භාරදෙන්න සුදානම්..." බවත් කියා සිටියේය.