සරත් ෆොන්සේකාත් සිරිපාල අමරසිංහත් ඇප තියයි

Published in පුවත්
Monday, 05 August 2024 15:00

ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කර තිබේ.

වෘත්තීයවේ දී ධම්මික රත්නායක විසින් මීට සුළු වේලාවකට පෙර එම ඇප මුදල් තැන්පත් කර ඇත.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ වෙනුවෙන් අද (05) ඇප මුදල් තැන්පත් කෙරුණි.

ඒ ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය මඟිනි. 

ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද වේ.

ඒ අනුව මේ දක්වා ඇප මුදල් භාරදී ඇති මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 15කි.

ඒ අතරින් දේශපාලන පක්ෂ මඟින් අපේක්ෂකයින් 9 දෙනෙක්ද, ස්වාධීන අපේක්ෂකයින් ලෙස 6 දෙනෙකුද ඇප මුදල් තැන්පත් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us