ජනාධිපති අපේක්ෂකයන්ට ඇති තර්ජන විශ්ලේෂණය කිරීමට පියවර

Published in පුවත්
Sunday, 04 August 2024 12:21

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයන්ට ආරක්ෂාව ලබාදීමට ප්‍රථම ඔවුන්ට ඇති තර්ජන විශ්ලේෂණය කිරීම සඳහා සියලුම බුද්ධි ඒකකවලින් බුද්ධි වාර්තා කැඳවා ඇත.

එම බුද්ධි වාර්තා අනුව අපේක්ෂකයන්ට ඇති තර්ජනය ගැන වෙන වෙනම විශ්ලේෂණය කිරීමට තීරණය කර තිබේ.

මේ වන විටත් හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන සිව් දෙනාට ඡන්දය පැවැත්වෙන කාලසීමාවේ ආරක්ෂාව සැපයීම සම්බන්ධව බුද්ධි වාර්තා කැඳවා ආරක්ෂාව සැපයිය යුතු ආකාරය පිළිබඳ විශ්ලේෂණය කරමින් ඇත. අනෙකුත් අපේක්ෂකයන්ට ආරක්ෂාව සැපයීම ලබන 15 වෙනිදායින් පසුව තීරණය කිරීමටත්, දැනට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට ආරක්ෂාව සැපයීමට ඔවුන්ට ඇති තර්ජනය විශ්ලේෂණය කිරීම සඳහා වෙන වෙනම බුද්ධි වර්තා කැඳවා ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් රුවන් කුලතුංග යන නිලධාරින්ගෙන් සමන්විතව ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සඳහා පත්කළ කමිටුව මගින් අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සැපයීමට ඔවුනට ඇති තර්ජනය විශ්ලේෂණය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. මෙම කමිටුව පසුගියදා මැතිවරණ කොමිසම සමග මේ සම්බන්ධව සාකච්ඡා පවත්වා ඇත. ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය නොවන පරිදි අපේක්ෂකයන්ට ආරක්ෂාව සැපයීම සම්බන්ධව මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කර ඇත.

- අරුණ

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us