ශ්‍රී ලාංකිකයන්ට සිංගප්පූරුවේ නව රැකියා අවස්ථා වෙනුවෙන් සාකච්ඡා

Published in පුවත්
Wednesday, 31 July 2024 09:52

සිංගප්පූරුවේ ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාවට බලපාන කාරණා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දෙරට අතර සහයෝගිතාව ඉහළ නැංවීම සහ පුළුල් වන රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා ලබාගැනීම පිළිබඳ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක සහ සිංගප්පූරුවේ මිනිස් බල ඇමැති, වෙළෙඳ හා කර්මාන්ත දෙවන ඇමැති, ආචාර්ය ටැන් සී ලෙංග් මහත්වරුන් අතර පසුගියදා (18) පැවති හමුවකදී අවධානය යොමු කෙරිණි.

සිංගප්පූරුවේ නව රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන් සඳහා ලබා ගැනීම යටතේ විශේෂයෙන් සංචාරක කර්මාන්තයට අදාළව ආගන්තුක සත්කාරක සේවා, සෞඛ්‍ය සත්කාරක සේවා සහ කර්මාන්ත අංශ සඳහා ශ්‍රී ලාංකිකයන්ට අවස්ථා ලබා ගැනීම පිළිබඳ මේ සාකච්ඡාවේදී මූලිකව අවධානයට ලක්විය.

මෙහිදී ශ්‍රී ලංකාවත් සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කිරීමට සිංගප්පූරුවට ඇති බලවත් අභිලාසය මිනිස්බල ඇමැතිවරයා සඳහන් කළ අතර, තම රට නිරන්තරයෙන් වගබලා ගන්නේ නිපුණතා සහිත, කාර්යක්ෂම ශ්‍රමික ප්‍රජාවක් තෝරා ගැනීමට බව ද සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් මහකොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකේය ශ්‍රම බළකායේ ඉහළ නිපුණතා මට්ටම මෙන්ම සිංගප්පූරුවේ රැකියා ප්‍රමිතීන් සපුරාලීම සම්බන්ධයෙන් ඔවුන්ට ඇති හැකියාව පිළිබඳ සිය විශ්වාසය පළ කළ හැකි බවයි. එමෙන්ම ක්ෂේත්‍රයේ ඇති තරගකාරීත්වය පිළිබඳ පෙන්වා දෙමින් මහකොමසාරිස්වරයා පෙන්වා දුන්නේ සිංගප්පූරු රැකියා වෙළෙඳපොළේදී ශ්‍රී ලාංකික ශ්‍රම බළකාය ඊට මුහුණ දෙන්නේ සාම්ප්‍රදායික නොවන රටක් වශයෙන් බවයි. එම කාණ්ඩයට අයත් අනෙකුත් රටවල් වන්නේ ඉන්දියාව, බංග්ලාදේශය, පිලිපීනය, තායිලන්තය සහ මියන්මාරයයි. සුදුසුකම් ලත් සාම්ප්‍රදායික රටවල් වශයෙන් සැලකෙන්නේ චීනය, මැලේසියාව යන රටවල්ය.

මහකොමසාරිස්වරයා සිංගප්පූරු බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ ශ්‍රී ලාංකික ශ්‍රම බළකාය වෙනුවෙන් නව අංශ යටතේ විශේෂයෙන් ශ්‍රමික වීසා බලපත්‍ර වර්ගීකරණය යටතේ අවස්ථා දෙන ලෙසයි. මෙහිදී සහයෝගිතාවයෙන් කටයුතු කිරීම මඟින් ශ්‍රී ලාංකිකයන් සතු ප්‍රවීණත්වය සිංගප්පූරුවේ කර්මාන්ත අංශය ද ඇතුළුව අනෙකුත් ක්ෂේත්‍රවලට ඵලදායිව යොදාගැනීමට හැකි වනු ඇති බව ද මහකොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

 

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us