පොහොට්ටුවේ ප්‍රමිත සහ ශෙහාන්ගේ සහායත් ජනපති රනිල්ට බව කියයි

Published in පුවත්
Tuesday, 30 July 2024 12:03

අමාත්‍යවරුන් මෙන්ම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බව එක්ස් පණිවුඩ නිකුත් කරමින් සදහන් කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ද එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඉතාම තීරණාත්මක අවස්ථාවේ රට බේරාගත් රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරියේ දී සහාය පළ කරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරුමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද තමන් ජනාධිපතිවරයාට සහාය ලබාදෙන බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කර සිටියි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බවට එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

ඉතිහාසයේ මුහුණදුන් දරුණුතම අර්බුදයෙන් රට බේරා ගැනීමට ජනාධිපතිවරයාට හැකි වු බව පෙන්වා දෙන ඒ මහතා ජනාධිපතිවරයාගේ පැහිදිලි හා තීරණාත්මක නායකත්වය ජාතික ස්ථාවරත්වය වර්ධනය කිරීමට හේතු වු බව පෙන්වා දෙයි. 

එවැනි අභියෝගාත්මක කාලයක් නැවත පැමිණීම වැළැක්වීමට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සහාය දැක්විම අත්‍යවශ්‍ය බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර .

Last modified on Tuesday, 30 July 2024 12:33

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us