covid වසන්ගතයේ අතුරු ප්‍රතිඵලයක් !

Published in පුවත්
Monday, 29 July 2024 15:25

ලොව සෑම මිනිසුන් 11 දෙනෙකුගෙන් එක් අයෙක්ම කුසගින්නෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ.

ඔවුන්ට අනුව 2023 වසරේදී පමණක් ලොව පුරා මිලියන 733ක ජනතාවක් කුසගින්නට මුහුණපා ඇති අතර, එය සමස්ත ලෝක ජනගහනයෙන් සියයට 9කි.

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, ලෝක ළමා අරමුදල, ලෝක ආහාර වැඩසටහන, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර කෘෂිකර්ම සංවර්ධන අරමුදල යන එක්සත් ජාතීන්ගේ ආයතන 5ක් එක්ව මෙම වාර්තාව සකස් කර තිබුණි.

එහි වැඩිදුරටත් දැක්වුණේ යුද ගැටුම්, කාලගුණ විපර්යාස සහ සම්පත් බෙදීමේ අසමානතාව යන කරුණු මෙම තත්ත්වයට හේතුවී ඇති බවය.

අප්‍රිකානු කලාපයේ වැසියන් මෙම තත්ත්වයට වැඩි වශයෙන් මුහුණදෙමින් සිටින බවත් එහි සෑම පස් දෙනෙකුගෙන්ම අයෙක් කුසගින්නේ පසුවන බවත් වාර්තා වී තිබේ.

2023 වසරේදී ලෝක ජනගහනයෙන් සියයට 28.9ක් එනම් බිලියන 2.33ක් පමණ අර්ධ වශයෙන් හෝ බරපතළ ලෙස ආහාර අනාරක්ෂිතතාවයෙන් පීඩාවට පත්ව ඇතැයි ද එම වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණ කෙරේ.

ඔවුන්ට අනුව, ආහාර අනාරක්ෂිතතාවට පත්වන පිරිස සීඝ්‍රයෙන් ඉහළගොස් ඇත්තේ කොවිඩ් -19 ගෝලීය වසංගතය ආරම්භවීමෙන් පසුවය.

 

- අද දෙරණ 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us