ජංගම දුරකථන සදහා අලුත් නීතියක්

Published in පුවත්
Monday, 29 July 2024 12:44

නිසි බලපත්‍ර ලබා නොගෙන දුරකථන අලෙවි කරන ආයතනවලට මින් ඉදිරියට රුපියල් මිලියනයක දඩ මුදලක් පනවා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ (අනුකූලතා) මේනකා පතිරණ පවසයි 

ඒ සඳහා මෙතෙක් පැවැතියේ රුපියල් දස දහසක දඩ මුදලි.

සංශෝධිත විදුලි සංදේශ නියාමන පනත හරහා මෙලෙස දඩමුදල් ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

පසුගිය සමයේදී දුරකථන වෙළෙඳසල් ලියාපදිංචි නොවීම ඉහළ ගිය බැවින් දුරකථන අලෙවිය නියාමනය කිරීමට කොමිසම හට අපහසු වී තිබීම මෙලෙස දඩ මුදල් ඉහළ දැමීමට හේතුව බව අධ්‍යක්ෂවරිය සදහන් කරයි. 

ඒ අනුව මින් ඉදිරියට බලපත්‍ර ලබා නොගන්නා වෙළෙඳසල්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, ලියාපදිංචිය ලබාගන්නා වෙළෙඳසල් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අනුමත ජංගම දුරකථන පමණක් අලෙවි කළ යුතු බවයි, අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් කියා සිටියේ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us