මැතිවරණයට බාධා වන වැඩසටහන් 30කට ආසන්න ප්‍රමාණයකට තිත

Published in පුවත්
Thursday, 25 July 2024 10:45

නිදහස් මැතිවරණයකට බාධාකාරී වූ දේශපාලන මැදිහත්වීමෙන් කෙරුණු උත්සව සහ වැඩසටහන්   තිහකට ආසන්න ප්‍රමාණයක් කොමිසමේ නියෝගයෙන්  නතර කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.


කොමිසමට ලැබුණු  පැමිණිලි අනුව,  දේශපාලන මැදිහත්වීමෙන්  ඡන්ද දායකයන්ට භාණ්ඩ බෙදාදීම්  සහ පත්වීම් ලබාදීම් ඇතුළු වැඩසටහන්  කිහිපයක් මෙසේ නතර කෙරුණු බවද  ඔහු සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණ තවමත් ක්‍රියාත්මක වෙමින් පැවතීම  සහ  ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය ආසන්නවීම  යන කරුණු සැලකිල්ලට ගෙන   කොමිෂන් සභාව මෙම පියවර ගෙන  ඇත.

ඒ අනුව ඡන්ද දායකයන්ට පත්වීම් ලබාදීමේ සහ භාණ්ඩ බෙදාදීමේ වැඩසටහන් කිහිපයක් එලෙස නවතා දමා තිබෙන බව වාර්තා වේ.

මේ අතර ඡන්ද අල්ලස් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා   විමර්ශන කොමිෂන් සභාවද මේ දිනවල  විමසිල්ලෙන් පසුවන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us