මැතිවරණ කොමිෂන් සභාව අද (25 වැනිදා) රැස්වීමට නියමිතය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායකගෙන් අප කරන ලද විමසීමකදී කියා සිටියේ මේ සතිය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්රකාශයට පත්කරන බවය.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්රකාශයට පත්කරන තුරු දිස්ත්රික් මැතිවරණ රාජකාරී නිල වශයෙන් ආරම්භ කිරීමේ ගැටලුකාරී තත්ත්වයක් පවතින බව දිස්ත්රික් ලේකම්වරු කියා සිටිති.