ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් නිකුත්කරන්නැයි ජනපතිගෙන් මුදල් අමාත්‍යාංශයට උපදෙස්

Published in පුවත්
Wednesday, 24 July 2024 09:40

ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් නිකුත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ති‍බේ.

එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ මුදල් කිසිදු ප්‍රමාදයකින් තොරව නිකුත් කරන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි.

මෙවර ජනාධිපතිවරණයට අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10 කි.

මේ අතර මුදල් අමාත්‍යාංශ නිලධාරීන් හා මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් ද පසුගිය දා පැවැත්විය.

එහිදී මැතිවරණයට යන වියදම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව මැතිවරණ කොමිසම පැවසීය.

මේ අතර මැතිවරණ රාජකාරි සඳහා ඇස්තමේන්තු ගත මුදල් සම්බන්ධයෙන් පොලිස් කොට්ඨාස 45කින් වාර්තා කැඳවා මේ වනවිට පොලිස් මූලස්ථානය වෙත ලැබී තිබේ.

එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, එම වාර්තා පදනම් කරගනිමින් අවසන් වැය ඇස්තමේන්තුව සකස් කරන බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us