දුම්රිය ඉඩම්වල අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක්

Published in පුවත්
Monday, 22 July 2024 11:00

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් හා රක්ෂිත අත්පත් කරගෙන සිටින පනස් දහසක් ඉක්මවූ අනවසර පදිංචිකරුවන් හා ව්‍යාපාරිකයන් කඩිනමින් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

මෙම අනවසර පදිංචිකරුවන් අතරින් හාරදහසක පිරිසක් බදු පදනමින් දුම්රිය ඉඩම්වල රැඳී සිටීමට අවසර ඉල්ලා තිබෙන බවත් අනීතික අන්දමින් රැඳී සිටින සියලුම දෙනා කිසිදු තරාතිරමක් නොබලා ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන අරුණට ඊයේ (21 වැනිදා) සඳහන් කළේය. 

දුම්රිය ආඥා පනතේ හා අධිකරණ ක්‍රියාවලියක් මගින් මෙකී කර්තව්‍ය සිදුකරන බවත් ඇමැතිවරයා කියා සිටියේය.  

කිලෝමීටර් 1520 කට අධික දුරක් සහිත මෙරට දුම්රිය මාර්ග ආශ්‍රිත ඉඩම් හා රක්ෂිතවල දීර්ඝ කාලයක සිට කිසිදු බදු මුදලක් නොගෙවා සිටින බොහෝ පිරිසක් සිටින බවත් මේ හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු මෙන්ම ආදායම් අහිමි වීමක් ද සිදුව තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

බොහෝ දුම්රිය මාර්ග ආශ්‍රිත ව්‍යාපාරික ස්ථාන, නිවාස මෙන්ම විවිධ ඉදිකිරීම් සිදුකර ඇත්තේ කිසිදු අවසරයකින් තොරව බවත් මෙලෙස අත්පත් කරගෙන ඇති ඉඩම් දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිහරණයට බාධාවක් නොවන ආකාරයෙන් පස් වසරක කාලයකට බදු පදනම මත ලබා දීම සිදුකරන බවත් සඳහන් කළ ඇමැතිවරයා මෙම ඉඩම්වල ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන පිරිස් මහා ධනවතුන් බවද සඳහන් කළේය.

මෙහි පළමු පියවර ලෙස අනවසර පදිංචිකරුවන්ගේ තොරතුරු පසුගිය 15 වැනිදාට ප්‍රථම දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසට දැන්වීම් පල කළ බවත් එහෙත් තොරතුරු යොමුකර තිබුණේ හාරදහසක පමණ පිරිසක් පමණක් බවත්  කී ඇමැතිවරයා නැවතත් තොරතුරු යොමු කිරීමට කාලයක් ලබාදීම ගැන සාකච්ඡා කරමින් සිටින බවද කීවේය. 

එසේම දුම්රිය ඉඩම් පෞද්ගලික අායෝජකයන් සඳහා බදු දීමේ ක්‍රියාවලියද ස්ටේෂන් ප්ලාසා ව්‍යාපෘතිය මගින් ආරම්භ කරන බවත් මේ අනුව දුම්රිය ස්ථාන හෝ ආශ්‍රිත ඉඩම් පරිහරණයට ගනිමින් සාප්පු සංකීර්ණ, ඇතුළු විවිධ ආයෝජන කිරීමට අවස්ථාව හිමි වන බවත් මේ සඳහා අභිලාෂ හා අභිප්‍රාය ඉදිරිපත් කරන දෙස් විදෙස් සමාගම් තෝරාගැනීමේ වගකීම අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රජයේ උසස් නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත්කර අවශ්‍ය කැබිනට් අවසරයද ලබාගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කර සිටියේය.

මේ අතර දුම්රිය ඉඩම් අනවසරයෙන් අත්පත් කරගෙන සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බලා අගෝස්තු 05 වැනිදාට ප්‍රථම තමාට වාර්තාවක් ලබාදෙන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ට හා දුම්රිය ආරක්ෂක අංශයට උපදෙස් දී තිබේ. 

එය සංගණනයක් වශයෙන් සිදුකරන බවත් ඉන් පසු අනවසර දුම්රිය පදිංචිකරුවන් ගැන නිශ්චිත තොරතුරු අනාවරණය කරගත හැකි බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය. 

- අරුණ

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us