ඒ අනුව අද සිට පළාත් අධ්‍යාපන හා කලාප අධ්‍යාපන කාර්යාල නියම කරන වැඩමුළු, තත්ත්ව කව මෙන් ම පුහුණු වැඩසටහන්වලට සහභාගී නොවන බව ඔවුන් පවසයි.
කෙසේවෙතත් දේශපාලන ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමේ අරමුණින් සැලසුම්කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය නොදක්වන බව ගුරු-විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමි සඳහන් කළහ.
ඉදිරි දෙසතිය තුළ පන්ති කාමරවල ඉගැන්වීමේ කටයුතුවලට පමණක් සම්බන්ධ වන අතර සියලු බාහිර කටයුතුවලින් ඉවත් වන බව ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් පරාක්‍රම වික්‍රමසිංහ පැවසුවේය.