අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවීකරණය වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානයේ සහාය ලබා ගන්නවා - ජනපති

Published in පුවත්
Thursday, 18 July 2024 15:07

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ලබා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ බද්ධ වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නිර්මාණය කර නවීන ලෝකය සමඟ ඉදිරියට යාමට මෙරට දරුවන්ට අවස්ථාව උදා කර දෙන බවද ජනාධිතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මොනරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමිනි.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයට පැමිණි අවස්ථාවේ එම සිසුන් වෙත කරන ලද ආරාධනය අනුව මෙලෙස විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
ජනාධිපතිවරයා එම සිසුන් වෙත ලබා දී තිබු පොරොන්දුවක් ඉටු කරමින් වටිනා සංගීත භාණ්ඩ තොගයක් ද ඉතා කෙටි කලක් තුළ විද්‍යාලය වෙත ප්‍රදානය කිරීමට කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී සිසු දරුවන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කර සිටියහ.
එම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සභිකයින් 96 දෙනෙකු පමණ ශිෂ්‍ය පාර්ලිමේන්තුව සඳහා එක්ව සිටී අතර ඔවුන්ට සහතික පත්‍ ප්‍රදානය කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ හා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙහිදී සිසු දරුවන් ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රට ගොඩනඟන අනාගත නායකයන් බිහි වන්නේ මෙම ශිෂ්‍ය පාර්ලිමේන්තු තුළින් බවයි. එහිදී ලබා ගන්නා අත්දැකීම් එම කටයුතුවලට මනා පිටිවහලක් වනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ වන විට බොහෝ පාසල්වල ශිෂ්‍ය පාර්ලිමේන්තු ක්‍රියාත්මකවීම සතුටට කරුණක් බවද පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඓතිහාසික හා පෞරාණික පසුබිම මෙහිදී සිසු දරුවන්ට පැහැදිළි කර දුන් ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කථා බහක නිරත වෙමින් ව්‍යවස්ථා සභා ඇතුළු පාර්ලිමේන්තු ක්‍රමයේ විකාශය පිළිබඳවද දැනුවත් කළේය.

WhatsApp Image 2024 07 18 at 14.48.42 db0e8b67

WhatsApp Image 2024 07 18 at 14.48.42 8d972c42

WhatsApp Image 2024 07 18 at 14.48.42 64b2993a

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us