විදුහල්පති වෘත්තීය සමිති දැඩි තීරණයක් ගනියි

Published in පුවත්
Tuesday, 16 July 2024 11:00

විදුහල්පති දීමනාව රුපියල් පහළොස් දහසක් දක්වා ඉහළ නංවන තෙක් දේශපාලන නියෝජිතයන් සහභාගි වන නිල හෝ නිල නොවන උත්සව වර්ජනය කිරීමටත් පාසල්වල පවත්වන කිසිදු උත්සවයකට දේශපාලන නියෝජිතයන්ට ආරාධනා නොකිරීමටත් විදුහල්පති වෘත්තීය සංගම් හතක් තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය, ලංකා විදුහල්පති සංගමය, සමස්ත ලංකා විදුහල්පති සේවා සංගමය, ජාතික විදුහල්පති එකමුතුව, ඌව පළාත් විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය සහ උතුරු පළාත් විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය විසිනි

 

කෙසේ වෙතත්ම  තීරණය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රිවරුන්ට ලිඛිතව දැනුම් දෙනු ලැබ තිබේ. 

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් පසුගිය 10 වැනිදා එම වෘත්තීය සමිති විසින් මහජන නියෝජිතයන් දැනුවත් කරනු ලැබ ඇත. එම දැනුවත් කිරීම අනුව අපේක්ෂා කළ සභාව කල් තැබීමේ විවාදයක් නොපැවැත්වුණු බවත් වසර ගණනාවක සිට කරන ඉල්ලීම් සම්බන්ධයෙන් අදාළ ආයතන, නිලධාරීන් සහ පාලක පක්ෂය කටයුතු නොකරන බවත් එම සංගම් මහජන නියෝජිතයන් වෙත යවා තිබෙන ලිපියේ සඳහන් කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us