වී නිෂ්පාදනය දෙගුණයක් දක්වා වැඩි කිරීමට අලුත් වැඩක්

Published in පුවත්
Tuesday, 16 July 2024 09:56

මෙරටට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය වී වගා කරන ප්‍රධානතම කෘෂිකාර්මික බල ප්‍රදේශ හයකින් නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ලබන මහ කන්නයේ සිට ඇරැඹීමට යයි.

ඒ අනුව දැනට වැඩිම වී අස්වැන්නක් ලබා දෙන අනුරාධපුර, හම්බන්තොට, පොළොන්නරුව, මහනුවර, අම්පාර හා මොණරාගල කෘෂිකාර්මික බල ප්‍රදේශවල කුඹුරු ආශ්‍රිතව වැඩිම අස්වැන්නක් ලබා ගැනිමේ වැඩ පිළිවෙළ ආරම්භ කිරීමට නියමිතය.

වගා කන්න හයකදි වී නිෂ්පාදනය දෙගුණයක් දක්වා වැඩි කිරීම මෙම වැඩ පිළිවෙලෙහි අරමුණ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

දැනට රටේ වාර්ෂික පාරිභෝජනය සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 2.4කි. 2024 සමස්ත ජාතික වී අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 4.1කි. 2023 වර්ෂයේ දී වී මෙට්‍රික් ටොන් මිලියන 4.5ක අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී ඇත. ඒ අනුව මේ වනවිට අපේ රටේ ජාතික අවශ්‍යතාවයට වඩා වී නිෂ්පාදනය ඉහළ මට්ටමක පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us