සුව සැරියට අලුත් ගිලන් රථ 95ක්

Published in පුවත්
Wednesday, 10 July 2024 10:38

1990 සුව සැරිය පදනමට නොමිලේ ප්‍රදාන වශයෙන් ගිලන් රථ ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පූර්ව රෝහල් ප්‍රතිකාර හා හදිසි රෝගී ප්‍රතිකාර සේවාවන් කඩිනමින් සලසා දීම සඳහා 2016 වසරේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් යටතේ ඉන්දියාවේ පිහිටි TATA Sons (Pvt) Ltd ආයතනයෙන් ලබාගත් ගිලන් රථ 297ක් යොදාගෙන "1990 සුව සැරිය පදනම" ආරම්භ කර ඇත. 

ශ්‍රී ලංකා රජයෙන් ලබා දුන් ගිලන් රථ 25 ක් ද ඇතුළුව මේ වන විට ගිලන් රථ 322 ක් මේ සඳහා යොදවා තිබේ. සුව සැරිය පදනමේ ඉලක්කය අනුව, කඩිනමින් සේවය ලබා දීම

සඳහා ගිලන් රථ 450ක් සහ උපස්ථ ගිලන් රථ 25ක් අවශ්‍ය බවත් දැනට ගිලන් රථ 150ක හිඟයක් ඇති බවත් හඳුනා ගෙන ඇත.

 ඒ අනුව ඉන්දියාවේ TATA Sons (Pvt) Ltd ආයතනය විසින් ගිලන් රථ 50ක් නොමිලේ ප්‍රදානයක් වශයෙන් ලබා දීමටත් ආසියා සංවර්ධන  බැංකුව විසින් ගිලන් රථ 45 ක් ප්‍රදානයක් වශයෙන් ලබා දීමටත් එකඟතාව පළ කර තිබේ.

 එකී ගිලන් රථ '1990 සුව සැරිය පදනම" වෙත ලබා ගැනීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

- ලංකාදීප 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us