බස්නාහිර පළාතේ ත්‍රිරෝද ගාස්තු 15 දා සිට පහළට

Published in පුවත්
Wednesday, 10 July 2024 09:58

බස්නාහිර පළාත තුළ ධාවනය කෙරෙන ත්‍රිරෝද රථවල ගාස්තුව ලබන 15 වැනිදා සිට අඩු කිරීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබේන බව වාර්තාවේ.

මේ අනුව පළමු කිලෝමීටරයට පැවති රුපියල් 100ක් එලෙසම පවතින අතර දෙවැනි කිලෝමීටරයේ පැවැති රුපියල් 100 රුපියල් 90ක් දක්වා රුපියල් 10කින් අඩු කර ඇති බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව පවසා තිබේ.

අන්තර් වාර මිලක් ලෙස හඳුන්වාදෙන නව මිල ගණන් ඉදිරි මාස හය තුළ ගාස්තු සමාලෝචන කමිටුව මඟින් තීරණය කරනු ලබන බවත් ඒ සඳහා විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුව මේ වන විටත් කටයුතු කරමින් සිටින බව ද කීවේය.

මේ මිල ගණන් අය නොකර වැඩිපුර ගාස්තු අය කරන ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් දුරකතන අංක 076 – 045 0860, වට්ස්ඇප් මඟින් දැනුම් දෙන ලෙස සභාපතිවරයා ත්‍රිරෝද රථ පාරිභෝගිකයන්ට දැනුම් දී සිටියි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us