බුද්ධ දේශනාව සහ විද්‍යාත්මක ලෝකය අතර සම්බන්ධතාව සොයා බැලීමට නව ආයතනයක්

Published in පුවත්
Tuesday, 09 July 2024 14:26

අද ලෝකය ඉදිරිපත්කරන අලුත් මත බුද්ධ දේශනාව තුළ අන්තර්ගත වී තිබෙනවා. අද අප සිටින්නේ විද්‍යාව සහ ධර්මය යන දෙකම එකට මුණ ගැසෙන සංධිස්ථානයකයි.

බුද්ධ දේශනාව සහ විද්‍යාත්මක ලෝකය අතර තිබෙන සම්බන්ධතාව සොයා බැලීමට නව ආයතනයක් වසරක් තුළ පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අමරපුර දින ආදිකර්තෘ සැමරුම් උත්සවයට ඊයේ (08) එක්වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළකළේය.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර දින ආදිකර්තෘ සැමරුම් උත්සවය සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැත්වුණි.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතගේ ප්‍රධානත්වයෙනි.

වසර 222ක් පුරා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදුකළ සියලුම ආදිකර්තෘ වහන්සේ සිහිකරමින් අමරපුර දිනය සමරනු ලබයි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"අද අප සිටින්නේ විද්‍යාත්මක හා තාක්ෂණික ලෝකයකයි. සිතාගත නොහැකි අන්දමින් අද ලෝකය වෙනස් වී තිබෙනවා. විශේෂයෙන්ම මුළු ලෝකයම කෘතිම බුද්ධිය පිළිබඳ අවධානය යොමු කර තිබෙන අවස්ථාවක අපත් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. තවත් වසර 05-10ක් යන විට කෘතීම බුද්ධි තාක්ෂණය සහ මනස අතර තිබෙන සම්බන්ධය පිළිබඳ අපට පුළුල් අවධානයක් යොමු කිරීමට සිදුවෙනවා.

විශේෂයෙන් බුදු දහම සහ කෘතීම බුද්ධි තාක්ෂණය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ සොයා බැලීමේ පර්යේෂණ කටයුතු සිදුකිරීම වෙනුවෙන් රජයේ ප්‍රතිපාදන මත වැඩසටහනක් ආරම්භ කිරීමට මම තාක්ෂණික අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා. ඒ පිළිබඳ මහා සංඝරත්නය සහ ගිහි පිරිස සමඟ සාකච්ඡා කරමින් එම කටයුතු ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. අද අපි සමාජක් ලෙස ඉදිරියට යා යුතුයි. එහිදී අපට පසුබැසීමට බැහැ. අපේ රටේ කීර්තිමත්ම යුගය ලෙස සලකන්නේ අනුරාධපුර යුගයයි. අනුරාධපුර යුගයේදී මහාවිහාරය, ජේතවනාරාමය, අභයගිරිය වැනි ප්‍රධාන පිරිවෙන් බිහි වුණා.

එදා ගිහි පැවදි සියලුදෙනා අධ්‍යාපනය ලැබුයේ මෙම පිරිවෙන්වලින්. මහාසෑය, ජේතවනාරාමය, අභයගිරිය වැනි විශ්ව කර්ම ඉදිකිරිම් සිදුකිරීමට එදා අපේ ජනතාව දැනුම ලබාගත්තේ මෙම පිරිවෙන් අධ්‍යාපනය තුළින් බව කිවයුතුයි. ඒ වගේම වත්මන් ඉංජිනේරුවන් පවා පුදුම කරවන අපේ විශිෂ්ට වාරි සංස්කෘතියත්, සීගිරිය වැනි විශිෂ්ට නිර්මාණත් බිහි වුණේ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය නිසයි.

නවීන දැනුම සහ මෙම විශිෂ්ටතා එක් කර ගනිමින් අප රටක් ලෙස ඉදිරියට යා යුතුයි. අද පරිසරය සහ දේශගුණික විපර්යාස පිළිබඳ ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. බුද්ධ දේශනාව තුළ දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා අවශ්‍ය දැනුම අන්තර්ගතව තිබෙනවා. පරිසරය රැක ගැනීම පිළිබඳ අප කුඩා කාලයේ සිටම ඉගෙන ගෙන තිබෙනවා.

අද ලෝකය ඉදිරිපත්කරන අලුත් මත බුද්ධ දේශනාව තුළ අන්තර්ගත වී තිබෙනවා. අද අප සිටින්නේ විද්‍යාව සහ ධර්මය යන දෙකම එකට මුණ ගැසෙන සංධිස්ථානයකයි. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය සහ ත්‍රිපිටකයේ ඇතුළත් කරුණු සහ අද තිබෙන විද්‍යාත්මක ලෝකය අතර තිබෙන සම්බන්ධකම විමසා බැලීමට රජයක් ලෙස අපේ අවධානය යොමුව තිබෙනවා. එය රජයට තනිව කළ නොහැකි අතර සියලුදෙනා එක් වී එම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි."

- අද දෙරණ 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us