විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික මහජන අදහස් ලබා ගැනීම අද

Published in පුවත්
Tuesday, 09 July 2024 08:37

ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික මහජන අදහස් ලබා ගැනීම අද (09) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

විදුලි බල පනතට අනුව මේ වසරේ විදුලි ගාස්තු සංශෝධනය සිදුකිරීමට නියමිත අතර ඊට පෙර මෙම මහජන අදහස් විමසීම සිදුකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව අද පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී වාචික මහජන ලබා ගැනීමේ සැසිය සිදුකිරීමට නියමිතය.

අද දිනයේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා විවිධ විදුලි පාරිභෝගික කණ්ඩායම්, කර්මාන්ත හා සංවිධාන නියොජනය කරමින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ ලියාපදිංචි වී ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේය.

මහජන අදහස් විමසීම අවසන් වූ පසු ජුලි මස15 වන දින විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසාන තීරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us