ශාසනික විනය කර්ම පුහුණු වැඩසටහනක්

Published in පුවත්
Monday, 08 July 2024 09:59

විනය සම්බුද්ධ ශාසනයේ ආයුෂය බව බුදුරජාණන් වහන්සේ දක්වා තිබේ.

නිවැරදි ශාසනානුකූල ශ්‍රමණ ප්‍රතිපදාවක් පවත්වා ගැනීම පිණිස කැප වූ මහාවිහාර වංශික යති පරපුරෙන් පැවත එන ස්‍යාම නිකායික විනය කර්ම සම්ප්‍රදාය පිළිබඳ ගරුතර මහා සංඝරත්නය තුළ ප්‍රගුණත්වයක් ඇති කිරීම වෙනුවෙන් විනයකර්ම පුහුණු වැඩසටහනක් මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරදයාධිපති අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි මල්වතු මහාවිහාර පාර්ශ්වයේ බස්නාහිර පළාත් සංඝ සභාවේ සංවිධායකත්වයෙන් ඓතිහාසික වල්ගම්පාය රාජමහා විහාරාධිපති දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්මාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රයිගම්පුර හොරණ ඓතිහාසික ඔලබොඩුව රාජමහා විහාරස්ථානයේ දී ජූලි මස 05 වන දින සන්ධ්‍යාවේ දී සිදු කෙරුණි.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් සහ ආචාර්ය මාවතගම පේමානන්ද හිමියන් විසින් ආරම්භක දෙසුම් සිදු කොට විනය කර්ම පැවැත්වීමේ ශාසනික වැදගත්කම ඇතුළු කරුණු පැහැදිලි කරන ලදි. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහාසංඝසභාවේ අනුනායක මකුරුප්පේ සෝමාලංකාර අනුනාහිමිපාණන් වහන්සේ වෙසෙසි දෙසුම සිදු කරමින් සංඝ සාමග්‍රියෙහි අගය පැහැදිලි කළහ.

සංඝ උපෝසථ දිනයක් වූ මෙදින නවක භික්ෂූන් වහන්සේලා වෙත පුහුණුවක් ලබා දීම පිණිස ඔලබොඩුව රජමහා විහාර පොහොය සීමාවේ දී මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝසභික රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ බෝධිසීහ නන්දාරාම නාහිමිපාණන් වහන්සේගේ සහ මල්වතු මහාවිහාර ශ්‍රී සංඝරාජ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති වේඬරුවේ ආනන්දමූර්ති හිමියන්ගේ මූලිකත්වයෙන් ප්‍රාතිමෝක්ෂ දේශනාව සිදු කෙරුණි. ආචාර්ය පන්නිල ආනන්ද නාහිමි, වැලමිටියාවේ ඤාණරතන නාහිමි, තලගල සුමනරතන නාහිමි, අගලකඩ සිරිසුමන නාහිමි, ඔලබොඩුවේ ධම්මික නාහිමි ඇතුළු මල්වතු මහාවිහාර පාර්ශ්වයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ශතාධික ස්ථවිර, මධ්‍යම හා නවක මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.

WhatsApp Image 2024 07 08 at 09.37.22 f31e3ac6

WhatsApp Image 2024 07 08 at 09.48.18 49fa7e92

WhatsApp Image 2024 07 08 at 09.48.18 1976cd05

WhatsApp Image 2024 07 08 at 09.37.21 5d1b5e62

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us