පියුමි CID යට සාප කරයි

Published in පුවත්
Monday, 08 July 2024 08:34

‘සී.අයි.ඩීයෙන් නම් මට ඉන්නම දෙන්නේ නෑ. මොන කරුමයක්ද මන්දා. මට තිබුණ මානසික නිදහසත් නැතිව ගියා" යැයි නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

මෙය තමා හිතා මතා කුඩු සිද්ධියකට පැටලවීමට කරන ගේම් එකක් බවත්, මේ කරන පවුකාර වැඩේට තම සාප ඉල්ලන බවත් ඇය එහි සදහන් කර ඇත.

තමා මෝටර් රථය විකුණා වසරක් වන බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ බිරිය පරණ මිතුරියක බවත් සදහන් කරන ඇය මිත්‍රත්වය හේතුවෙන් මුදල් දෙපාරකට ලක්ෂ 50 බැගින් දුන්නේ යැයි ද ඇය සටහන් කර ඇත.

වාහනයට මුදල් බාගයක් දී ඇති බවත් එම නිසා වාහනය තමාගේ නමට තවමත් පවතින බවත් පියුමි හංසමාලි සදහන් කරන්නීය.

වාහන විකුණන විට ඔවුන්ගේ මුළු ජාතකයම සොයා වාහන විකුණන්නට වී ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහණය කළ වාහනය මිලට ගෙන තවම කරදර විදින බවත් ඇය කීවාය.

තමා සියයට දාහක් නිවැරැදි බවත් සිද්ධියට සම්බන්ධ වාහනයේ කුඩු ප්‍රවාහනය කර නොමැති බවත් කියන ඇය තමා කුඩු විකුණා නොමැති බව ද සදහන් කරන්නීය.

-LANKADIPA 

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us