ලෝක වෙළෙඳපොළේ පවතින ගෑස් මිල ගණන්වලට අනුව එම මිල සංශෝධනය සිදුකිරීමට නියමිත බව එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේය.
මාසිකව සිදුකරන ගෑස් මිල සංශෝධනයට අනුව පසුගිය ජුනි මස 4 වන දින අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් කරනු ලැබීය.
එහිදී කිලෝග්රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩුකිරීමට පියවර ගනු ලැබු අතර ඒ අනුව එහි වර්තමාන මිල රුපියල් 3,790ක් වේ.
කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් පහත දැමුණු අතර කිලෝග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 28කින් පහත දමනු ලැබීය.