මැතිවරණයට සුදානම් වන්න ! මැතිවරණ කොමිෂන් සභාව ආයතන රැසකට දැනුම් දෙයි

Published in පුවත්
Saturday, 29 June 2024 10:50

මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලාධිපතිනීයටත් පොලිස්පතිවරයාටත් තවත් ආයතන කිහිපයකටත් දැනුම් දී ඇත.

මෙසේ දැනුම් දී ඇති ආයතන අතර ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය හා ලංකා ගමනාගමන මණ්ඩලයද වෙයි.

ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසම දින නියම කළහොත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව රජයේ මුද්‍රණාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

මේ අතර දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථානවල අඩුපාඩු පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස සියළුම ග්‍රාම නිලධාරීන්ට පසුගිය සතියේදී දැනුම්දුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා පැවසීය.

මෙයට අමතරව නිලධාරීන් සහ වාහන පිළිබඳවද සංගණනයක් පවත්වන ලෙසට සියලු දිස්ත්‍රික් මැතිවරණ ප්‍රධානීන්ට දැනුම් දුන් බවද ඔහු සඳහන් කළේය.

මැතිවරණ කටයුතු සඳහා සූදානම් වීමේ මූලික අරමුණින් එසේ උපදෙස් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 14 සහ ඔක්තෝබර් 16 අතර කාලයේදී පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා නිවේදනය කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us