ශ්‍රී ලංකා ඉතිහාසයේ කාන්තාවට සම තැන ලබා දීමට පනතක් ගෙනාවේ ජනපති රනිල් Featured

Published in පුවත්
Wednesday, 26 June 2024 09:11

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන ලබාදීම වෙනුවෙන් පනතක් ගෙනවිත් නොමැති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසා සිටියි.

 

එහි දී රාජ්‍ය අමාතයවරිය පෙන්වා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මේ වන විට සම්මත වී තිබෙන බවය.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ දින (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවේ දී සම්මත වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හෝ කාන්තාවට සම තැන වෙනුවෙන් සම්බන්ධයෙන් මීට පෙර පනතක් ගෙනවිත් නොමැති බව පැවසිය යුතුයි. මෙම පනත මඟින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද මෙන්ම කාන්තාවන්ගේ අභිවෘද්ධිය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සිදුවනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව මෙම පනත ඉදිරිපත් කෙරුණා. පනත සකස් කිරීමේ දී සංශෝධනයන් රැසක් සිදුවුණා. පාර්ලිමේන්තු කාන්තා සංසදය ඊට යෝජනා සහ අදහස් ඉදිරිපත් කළා. ඒ අනුව අත්‍යවශ්‍ය වැදගත් කාරණා රැසක්ම පනතට ඇතුළත් කිරිමට හැකියාව ලැබුණා.

ඒ වගේම කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම සහ කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් පිහිටුවීම මෙන්ම එහි අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට අවස්ථාව මෙමඟින් හිමි වෙනවා. එබැවින් මෙම පනත මඟින් කාන්තාව ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනවා.

කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීම පිළිබඳ සම්මුතියට අනුව කාන්තාවන්ට අදාළව රජය විසින් භාර ගෙන ඇති බැඳීම් බලාත්මක කිරීමට යාන්ත්‍රණ හඳුන්වාදීම සිදු වනවා. ස්ත්‍රී පුරුෂභාවය හා ලිංගික දිශානතිය මත පදනම්ව යමෙකුට සිදුවන වෙනස් කොට සැළකීම් වලින් ආරක්ෂාව සැළසීම මෙන්ම ඒ මත පදනම්ව හිංසනයට ලක්වීම වැළැක්වීමට මෙමඟින් ද ප්‍රතිපාදන සැළසෙන බව සඳහන් කළ යුතුයි.

Last modified on Wednesday, 26 June 2024 09:12

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us