ලංකාවේ සියළුම පාසල් වල ව්‍යවසායකත්ව කව පිහිටුවීමට චක්‍ර ලේඛයක්  

Published in පුවත්
Saturday, 22 June 2024 19:48

රටේ ආර්ථික වර්ධනයට දායකවන ව්‍යවසායකත්ව නායකත්වය පාසල තුළින්ම ඇති කිරීමේ අරමුණ ඇතිව කර්මාන්ත අමාත්‍යංශය හා එක්ව ශ්‍රී ලංකාවේ සියලුම පාසල් වල ව්‍යවසායකත්ව කව පිහිටුවීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති අතර මේ සඳහා වන චක්‍රලේඛය නිකුත් කිරීම අද (22) " Industry EXPO 2024 " ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ සිවුවන දිනයේ සමාරම්භක අවස්ථාවේදී සිදු කරන ලදී.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යංශයේ දාපසුගිය 2023 වසරේ ජුනි මාසයේදී පාසල් ව්‍යවසායකත්ව කව ආරම්භ කළ අතර මේ වන විට පාසල් 400 ක සිසු දරුවන් 16 000 ක පිරිසක් මෙම පාසල් ව්‍යවසායකත්ව කවවල ක්‍රියාකාරීව කටයුතු කරයි.

කර්මාන්ත අමාත්‍යාංශය , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා එක්ව සංවිධානය කළ " Industry EXPO 2024 " ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ සිවුවන දිනය දෙස් විදෙස් ව්‍යවසායකයින් , කර්මාන්තකරුවන්, පාසල් දරු දැරියන් රැසක සහභාගීත්වයෙන් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ආරාධනයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) උදෑසන ආරම්භ විය.

මෙහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ,

ලංකාවේ අධ්‍යාපනය තවමත් දැනුම මත පමණක් පදනම්ව තිබීම විශාල ගැටලුවක් වන බවත්, මේ තත්ත්වය වෙනස් කරමින් සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයම නවීකරණය විය යුතු බවයි. එමෙන්ම රටක කර්මාන්ත සංවර්ධනයට පර්යේෂණ හා සංවර්ධන (Research and Development) සිදුකළ යුතු අතර එය පාසල් වලින් පටන් ගෙන විශ්ව විද්‍යාල කරා ගමන් කළ යුතු බවවත් විශ්ව විද්‍යාල වල සිදුකෙන්න පර්යේෂණ නිෂ්පාදන බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගත ගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අදහස් දක්වමින් සඳහන් කළේ,

ලංකාවේ ශ්‍රම බලකායෙන් 2.8% ක් වන ව්‍යවසායකත්ව ප්‍රතිශතය 2030 වසර වන විට 10% ක් දක්වා ගෙන ඒමට ආ කර්මාන්ත අමාත්‍යංශය ගෙන යන සාර්ථක වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේදී 2.8% ක් ලෙස පැවති ව්‍යවසායකත්ව ප්‍රතිශතය 2024 වසර වන විට 3.2% ක් දක්වා වර්ධනය වී ඇති බවත් මෙය ඉතා හොඳ ප්‍රවණතාවයක් බවයි. එමෙන්ම මේ තත්වය ඉදිරියට ගෙනයාමට ව්‍යවසායක සංවර්ධනය මේ වන විට පාසල් විෂය ධාරාවන්ට ඇතුළත් කර තිබෙන බවත් ලංකාවේ ඇති වෘත්තිය නිපුණතා ආයතන 12 හරහා කර්මාන්ත වලට අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ලංකාවේ ව්‍යවසායකත්වය 10% ක් දක්වා වර්ධනය වූ විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි වන බවද තිලකා ජයසුන්දර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

" Industry EXPO 2024 " ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ සිවුවන දිනයේ සමාරම්භක අවස්ථාවට සමගාමීව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) හා තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අතර කර්මාන්ත සඳහා අවශ්‍ය නිපුණතා සහිත වෘත්තිකයින් බිහිකිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම සහ අවබෝධතා ගිවිසුමට එළබීමද සිදුකරන ලදී.

" Industry EXPO 2024 " ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ හතරවන දිනයේ සමාරම්භක අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා , වයඔ පලාත් ආණ්ඩුකාර නසීර් අහමඩ්, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, අමාත්‍යාංශ ලේකම්වරුන්, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් W.A.P.K නිශාන්ත, රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයින්, කර්මාන්තකරුවන්, පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

448802586 490477176883725 367639670477994798 n448907997 490478326883610 2054499923089856149 n448723019 490473353550774 2976348534836406613 n448785066 490476136883829 2754266811722548460 n448856197 490472916884151 6078134716833903715 n448906229 490478040216972 4079179638415914264 n

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us