ෆොන්සේකාට එරෙහි නඩුව නොවැ. 5දා කැඳවයි

Published in පුවත්
Friday, 05 September 2014 08:38

යුද හමුදා සෙබළුන් අයුතු රාජකාරියේ යොදවා ගත්තේය යන චෝදනා යටතේ සරත් ෆොන්සේකා මහතාට හා ඔහුගේ ලේකම් කපිතාන් සේනක හරිප්‍රිය ට එරෙහිව විභාගවන නඩුව නොවැම්බර් 5 දින කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය ඊයේ (4) නියෝග කළාය.

ඊයේ මේ නඩුව කැඳ වු අවස්ථාවේ දී නඩුවේ තෙවන සාක්ෂිකරුවන ලුතිනන් කර්නල් එල්. පි. ආර්. ප්‍රේමලාල් මහතා ගේ කටඋත්තරවල පිටපත් විත්තියට ලැබී නොමැති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණට දන්වා සිටියේය.

මේ අනුව එම පිටපත් විත්තියට ලබා දෙන ලෙසට මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.‍

සේනක හරිප්‍රිය දෙවැනි විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය මාසයක කාලයකට මුදා හරින ලෙසද විනිසුරුවරිය දන්වා සිටියාය.

යුද හමුදාව හැරගිය සෙබළුන් දස දෙනකුට නවාතැන් පහසුකම් සපයමින් ඔවුන් ශ්‍රි ලංකා රජරජය කෙරෙහි පවතින රාජ පාක්ෂික භාවයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාව යටතේ සරත් පොන්සේකා මහතාට හා හරිප්‍රිය මහතාට එරෙහිව නීතිපතිවරයා මේ නඩුව පවරා තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා සමඟ රජයේ නීතිඥ නයෝමි වික්‍රමසේකර මෙනවිය පෙනී සිටියහ.

විත්තිය වෙනුවෙන් නීතිඥ සාලිය පීරිස් , නීතිඥ උපුල් ජයසුරිය, රුක්ෂාන් නානායක්කාර මහත්වරු ඇතුළු පිරිසක් පෙනී සිටියහ. නඩුව නොවැම්බර් 5 දින යළි කැදවීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us