ශ්‍රීලනිප ප්‍රමුඛ නව සන්ධානයේ මංගල රැලිය හෙට, සහය රනිල්ට

Published in පුවත්
Friday, 07 June 2024 12:44

මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂක වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දැක්වීම පිළිබඳව පක්ෂය තුළ කිසිදු විරෝධයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සඳහන් කර තිබේ.

එහෙත් ඉදිරි ජනාධිපතිවරණයේදී කරන්නේ කුමක්දැයි පිළිබඳව පක්ෂය තවම ත් අවසාන තීරණයකට පැමිණ නැතැයිද ලේකම්වරයා කීය.

ඔහු මෙලෙස පවසා ඇත්තේ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට සියලුම ප්‍රශ්න අවසන් කරගෙන ඇති බව පැවසූ ලේකම්වරයා ගම් මට්ටමේ සිට පක්ෂය නැවත ශක්තිමත් කර ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වෙමින් සිටින බවද පැවසීය

මේ වන විට නොයෙකුත් සන්ධාන බිහිවෙමින් තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව විශාලම සන්ධානය ගොඩනගාගෙන ඇතැයි කී දිසානායක මහතා විශාලම සන්ධාන බිහිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීර්ඝ ඉතිහාසයක් ඇති හෙයින් එය අලුත් දෙයක් නොවන බවද පැවසීය.

කෙසේ වෙතත් මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ජනපති රනිල් වෙනුවෙන් හෙට 08 දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ 'දිනුම රටට ඒක්ව පෙරට' මැයෙන් පවත්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුමුඛ නව සංධානයේ මහා ජන රැලියක් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබේ.

මෙම මහජන රැලියට මුළුමනින්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් පමණක් සහභාගි කරවීමට තමන් පියවර ගන්නා බවත් වෙනත් දිස්ත්‍රික්කවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ පිරිස් සහභාගි නොකරන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.

ඉදිරි කාලය තුළ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් නව සන්ධානයේ මහජන රැලි පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් ඒ ඒ දිස්ත්‍රික්කවල පැවැත්වෙන රැලිවලට සහභාගි කරනුයේ එම දිස්ත්‍රික්කවල පක්ෂ සාමාජිකයන් පමණක් වේ. කෙසේ වුවද මෙම නව සන්ධානයේ මහජන රැලිය ඉතාමත් ශක්තිමත්ව හා සාර්ථකව පැවැත්වීමට තීරණය කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ශක්තිය මෙම රැලි මාලාව තුළින් වටහා ගැනීමට සලසන බව ද අමරවීර මහතා කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු කිසිවකුට හෝ විනාශ කළ නොහැකි සමාජ බලවේගයක් බවත් ජනතාව ගරු කරන්නේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

මෙම ජන රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් ඇතුළු නව සන්ධානයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් ක්‍රියාකාරීන් රැසක් සහභාගි වීමට නියමිතව ඇත.

Last modified on Friday, 07 June 2024 12:55

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us