සුරා බදු ආදායම ඉහළට

Published in පුවත්
Friday, 07 June 2024 11:29

වසර 2023 ජනවාරි සිට මැයි 31 දක්වා කාලය තුළ තම දෙපාර්තමේන්තු ඉපයු රුපියල් බිලියන 69.3 සුරා බදු ආදායම අභිබවා 2024 වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 88.7 සුරා බදු ආදායමක් ලබාගෙන ඇතැයි සුරා බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එම වැඩිවීම පෙර වසරේ එම කාලයට සාපේක්ෂව රුපියල් බිලියන 19ක වැඩිවීමකි. ප්‍රතිශතයක් ලෙස ගතහොත් එම වැඩිවීම 28% ක් බව සුරා බදු දෙපාර්තමේන්තුව කොමසාරිස්වරයා පවසයි. 

සුරා බදු දෙපාර්තමේන්තුව විසින් වසර 2022 දී රුපියල් බිලියන169 ආදායමක් උපයාගෙන ඇත. ඒ වසර 2023 දී රුපියල් බිලියන179 දක්වා වැඩි කරගෙන තිබේ.

වසර 2022ට සාපේක්ෂව වසර 2023 දී වැඩියෙන් උපයාගෙන ඇත්තේ රුපියල් බිලියන 9කි. 

මේ වසරේ මුල් මාස 5 නිමාවන විට රුපියල් බිලියන 91.2 බදු ආදායමක් ලබා ගැනීමට ඉලක්ක කොට ඇති අතර එම ඉලක්කයෙන් මේ වන විට  98 සපුරා ගෙන තිබේන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සදහන් කරයි.

සුරාබදු කොමසාරිස් පවසා සිටියේ ‌මේ මස මුල් සතියේ හටගත් හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් තම දෙපාර්තමේන්තුවට ලැබීමට තිබූ රුපියල් බිලියන දෙකක් මුදලක් අහිමි වී ගොස් තිබෙන බවද කොමසාරිස්  ජෙනරාල්වරයා කීය. ඒ සුරා බදු නිෂ්පාදන සමාගම් කිහිපයක් නිෂ්පාදන කටයුතු තාවකාලික අත්හිටවූ නිසාය.

Last modified on Friday, 07 June 2024 11:42

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us